November, 5, 2019
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (05) දිනයේ දී ඒකක 16.52 ක පහළ යාමක් වාර්තා කළේය. මේ අනුව අද දින යළිත් වරක් සියලු කොටස් මිල දර්ශකය ඒකක හයදහසේ සීමාවෙන් මෙපිටට පැමිණි අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 5,993.66 ක් ලෙසින් වාර්තා විය.
දෛනික පිරිවැටුම අද (05) දිනයේ දී රුපියල් බිලියන 1.96 ක් ලෙසින් සටහන් වූ අතර ඒ සඳහා ප්රධාන වශයෙන් හේතු වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සාකච්ඡා කළ කොටස් ගනුදෙනු කිහිපයකි. මෙහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටස් 6,839,885 ක් රු. 154.00 බැගින් සාකච්ඡා කළ කොටස් ගනුදෙනු ලෙසින් හුවමාරු වූ අතර රුපියල් 1,053,342,290.00 ක පිරිවැටුමක් ඒ හරහා වාර්තා විය. වාර්තා වන අන්දමට විදේශීය පාර්ශවයක් විසින් මෙම කොටස් අලෙවිය සිදුකොට ඇති අතර දේශීය පාර්ශවයක් විසින් මිල දී ගැනීම සිදුකර තිබේ.

දෛනික කොටස් වෙළෙඳපොළ වාර්තාවට අනුව අද දින දේශීය මිල දී ගැනීම් රු. 1,822,975,290 ක් ලෙසින් සටහන් වේ. දේශීය විකිණුම් රු. 415,666,383 කි.
විදේශීය මිල දී ගැනීම් අද දිනයේ දී දෛනික පිරිවැටුමට සාපේක්ෂව අඩු අගයයක් වූ අතර එය රු. 141,759,810 කි. මෙහි කැපී පෙනෙන සිදුවීම නම් රු. 1,549,068,718 ක විදේශීය විකිණුම් වාර්තා වී තිබීමයි.
Video Story