විදෙස් ආයෝජන – 2020 මුල් මාස දෙකේ දී සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 99 ක හා කොටස් වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 22 ක ශුද්ධ ගෙවීම් වාර්තා වෙයි

    May, 19, 2020

    2020 වසරේ පෙබරවාරි මාසයේ දී රුපියල්වලින් නාමනය කරන ලද රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි වූ විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 118ක ශුද්ධ ගෙවීමක් වාර්තා කිරීම හේතුවෙන්, සමුච්ඡිත පදනම මත, 2020 වසරේ පළමු මාස දෙක තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් එක්සත් ජනපද ඩොලර් මිලියන 99ක ශුද්ධ ගෙවීමක් වාර්තා විය.

    2020 වසරේ පෙබරවාරි මාසයේ දී ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනුවලින් සමන්විත කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 6ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය. සමුච්ඡිත පදනම මත, 2020 වසරේ පළමු මාස දෙක තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ එක්සත් ජනපද ඩොලර් මිලියන 22ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

    විදේශීය ණය මුදාහැරීම් සහ ආපසු ගෙවීම් සමාන මට්ටම්වල පැවතීමත් සමඟ, 2020 වසරේ පෙබරවාරි මාසයේ දී රජය වෙත දිගු කාලීන දළ ණය ලැබීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 69ක් වූ අතර, එමගින් රජය වෙත වූ දිගු කාලීන ණය එක්සත් ජනපද ඩොලර් මිලියන 0.4ක සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශ්‍යට පත්කරන ලද 2020 පෙබරවාරි මාසයේ  විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙ හි මේ බව සඳහන් වේ.