February, 27, 2019
විදේශීය විශ්වවිද්‍යාල/ උපාධි පිරිනමන ආයතනයන්ට අනුබද්ධව පිරිනමනු ලබන විදේශීය උපාධි පාඨමාලා පවත්වනු ලබන අධ්‍යාපන ආයතනයන් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන අතර, මෙම ආයතන විසින් පවත්වාගෙන යනු ලබන පාඨමාලා දේශීය මෙන්ම විදේශීය ශිෂ්‍යයින් විසින් ද හදාරනු ලබයි.
මෙම උපාධි පාඨමාලාවන් හි ප්‍රතීතණය සහ තත්ත්ව ආරක්ෂණය අදාළ මව් විශ්වවිද්‍යාලය/ උපාධි පිරිනමන ආයතන විසින් සිදු කළ ද, මෙම ආයතනයන් මෙරට උපාධි පාඨමාලාවන් පැවැත්වීමට සුදුසු ආයතන ද යන්න හඳුනා ගැනීම හා නියාමනය සිදුනොවේ.
එබැවින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථාන 500ට අයත් විදේශීය විශ්වවිද්‍යාල/ උපාධි පිරිනමන ආයතනයන් අනුබද්ධව මෙරට විදේශීය උපාධි පාඨමාලා පිරිනමන අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරීම/ නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීම පිණිස උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Video Story