• Ada Derana BIZ Sinhala
  • foreign countries
  • Harsha
  • sri lanka
  • total debt

විදෙස් රටවලට පියවීමට ඇති සමස්ත ණයෙන් 52% ක් චීනයට – හර්ෂ අනාවරණය කරයි

September, 26, 2022

ශ්‍රී ලංකාව විදෙස් රටවලට පියවීමට ඇති සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 14 ක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියි.

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන බල මණ්ඩල රැස්වීමට පසුගිය දා එක් වෙමිනි.

ආණ්ඩුව මේ පිළිබඳව ජනතාවට අනාවරණය කරේ ප්‍රථම වරට බව ද, ඔහු එහි දී පවසා සටියේය.

"පලවෙනි වතාවට ආණ්ඩුව කියනවා මේ ණය ප්‍රමාණය බෙදිලා තියෙන්නේ කොහොම ද කියලා. ඇත්ත වශයෙන්ම මමත්‍ මේක දැනගත්තේ ඊයේ හැන්දෑවේ. මොක ද මෙච්චර කල් අපිත් මේක දැනගෙන හිටියේ නැහැ. නොයෙකුත් රටවල්වලට අපිට තියනවා ණය ඇමරිකන් ඩොලර් බිලියන 14 ක්. මේ ණය වලින් බිලියන 7.3 ක් හෙවත් 52% ක් තියෙන්නේ චීනයට. ජපානයට බිලියන 2.7 ක් හෙවත් 19.5% ක්. ඊට පස්සේ ඉන්දියාවට තියනවා බිලියන 1.7ක් හෙවත් 12% ක්. කොහොම ද මේක අපි ගෙවන්නේ, මේ අවුරුද්දේ මේ රට 8.7% කින් අවම වශයෙන්වත් ආපස්සට යනවා. කර්මාන්තශාලා වැහෙනවා. රැකියා අඩු වෙනවා."