විදෙස් සමාගමක් මෙරට දේපළ සංවර්ධන සමාගමක අයිතිය මිල දී ගනී

    March, 21, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉඩම් හා දේපළ කාණ්ඩය යටතේ ලැයිස්තුගත සමාගමක් වන Serendib Engineering Group PLC සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය අද (21) දින විකුණා දමා තිබේ. එහි 76% ක කොටස් අයිතිය පැවතියේ Navara Capital Limited සතුවය.

    අද දිනයේ දී Navara Capital Limited සතුව තිබූ Serendib Engineering Group PLC හි කොටස් 24,288,000 ක් රු. 8.20 බැගින් අලෙවි කර තිබේ. මෙම ගනුදෙනුවේ මුළු වටිනාකම රුපියල් මිලියන 197 කි.

    කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ගවලට අනුව මෙම මිල දී ගැනීම කර ඇත්තේ විදෙස් සමාගමක් විසිනි.

    Serendib Investment Holdings Limited, Serendib Engineering & Agencies (Pvt) Limited හා CCC Plantation Engineering Limited යන සමාගම් Serendib Engineering Group PLC යටතේ පැවති අනුබද්ධ සමාගම් වේ.