විදෙස් සමාගම් 16 කට දුන් මැණික් ගැරීමේ බලපත්‍ර වහාම අවලංගුයි

    March, 1, 2015

    නිල් මැණික් ඇතුළු අනිකුත් වර්ගවල මැණික් ගැරීම සඳහා විදේශීය සමාගම් වලට පසුගිය රජය විසින් පිරිනමා තිබුණු කැණීමේ බලපත්‍ර 16 ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවලංගු කර තිබේ.

    ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ හඳුනා නොගත් සමාගම් සඳහා පිරිනමා තිබෙන මෙම බලපත්‍ර වහාම අහෝසිකළේ දේශීය පතල් සහ කැණීමේ කර්මාන්තය (mining industry) ආරක්ෂා කර ගැනීම සඳහා බවයි.

    ලෝකයේ විශාලතම සහ වටිනාම මැණික් හමුවන රටක් ලෙස ලංකාව ප්‍රසිද්ධියට පත්ව තිබෙන අතර මෙම විදේශීය සමාගම් 16 මැණික් ගැරීමේ නිරත වූවාද නැතහොත් මැණික් ගැරීමට සූදානමින් සිටියාදැයි පැහැදිලි නොවේ.