විදේශිකයෝ සතියක් තුළ දී රජයේ සුරැකුම්පත්වලින් රු. මිලියන 2,833 ක ආයෝජන ඉවත් කර ගනිති

    June, 8, 2018

    රජයේ සුරැකුම්පත්වල කර තිබූ ආයෝජනවලින් රුපියල් මිලියන 2,833 ක ආයෝජන ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් විසින් කටයුතු කර තිබේ.

    2018 මැයි 30 දින වන විට රජයේ සුරැකුම්පත්වල තිබුණු විදෙස් ආයෝජනවල වටිනාකම රු. මිලියන 307,289 ක්වූ අතර එය 2018 ජූනි 06 දින වන විට රු. මිලියන 304,456 ක් දක්වා අඩු වී තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.