විදේශීය ගෘහ සේවය තුළින් යැපීම ගැන ලැජ්ජා විය යුතුයි

    January, 1, 2016

    ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලන සභාපති අජිත් වත්තුහේවා

    “පසුගිය දශක තුනක පමණ කාලයක් මෙරට පවතින විරැකියාව ලබා දෙන තාවකාලික විසඳුමක් ලෙස විදේශීය ගෘහ සේවය සඳහා කාන්තාවන් යැවීම ආරම්භ වියග අද වන විට එය සමස්ත ලාංකීය සමාජය තුළ ක්‍රියාත්මක එක් අතුරු සංස්කෘතියක්. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන සුවිශේෂී මූල්‍ය උත්පාදන ප්‍රභවයක් එයට මෙම ක්‍රියාවලියේ අභ්‍යන්තරය ඛේදවාචකයක්. එයට ආසන්නතම උදාහරණය පසුගිය දා සවුදි අරාබියේදී ලාංකීය කාන්තාවකට ගල් ගසා මැරීමට නියම වීම. මෙය පළමු වන අවස්ථාව නොවේ. විදේශීය ගෘහ සේවා ඉතිහාසය පුරාවට මෙවැනි දේ සිදුවී තිබේ. කෙසේ වෙතත් ඒ අපගේම සහෝදරියක්ග මෙම අවස්ථාවේ මුදලට වඩා අපේකම ඉස්මතු විය යුතුයි. කාන්තාවන් විදේශ සේවයට යාම හේතු කොට සමස්ථ ලාංකීය සමාජ අභ්‍යන්තරය තුළ විශාල බිඳ වැටීමක් පවතිනවා. මෙම තත්ත්වය සුලූ කොට තැකිය නොහැක. ඒ පිළිබඳව අප සම්මේලනය විශේෂ අවධානයක් යොමු කර තිඛෙනවා. වසර තුනක් පමණ කාලයක් තුළදී සමස්ථ රට පුරා කාන්තා ව්‍යවසායක ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් විදේශ ගෘහ සේවයට යෑමට බලාපොරොත්තු වන කාන්තාවන්ට තමන්ගේ නිවසේ සිට ගෘහ සේවිකාවක් ලෙස විදේශයකදී උපයන මුදලට වඩා දෙගුණයක් උපයමින් ශක්තිමත් පවුලක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමේ සැලසුම අප සතු වෙනවා. මේ සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම තුළින් වඩා විධිමත්ව හා කාර්යක්ෂමව සමාජ ගත කළ අපේක්ෂිත ඉලක්ක නියමිත කාල වකවානු තුළදී ළඟා විය හැක.”

    පසුගියදා අරාබියේදී ලාංකීය කාන්තාවකට ගල් ගසා මරා දැමීමට තීරණය වීමත් සමග රට තුළ පවතින උණුසුම් වාතාවරණය පිළිබඳව ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති අජිත් වත්තුහේවා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවතින තත්ත්වය පිළිබඳව විසඳුම් සෙවීම කඩිනම් විය යුතු බව ප්‍රකාශ කරන ලදී.

    “මෙම විදේශීය ගෘහ සේවය තුළින් මෙරටට ළඟා වන මුදලින් ජාතික ආර්ථිකයක් ශක්තිමත් කරන්න බලාගෙන ඉන්න එක පිරිමි හැටියට අපි කරන විලි ලැජ්ජාවක්. පවුලක ඇති වන අග හිඟකම් නිසා මෙම විදේශීය ගෘහ සේවයට කාන්තාවන් යැවීම ආරම්භ වූයේ විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දුන්නට පසුවය. මෙරට කාන්තාවන්ගේ ශ්‍රමය විදේශීය ගෘහ සේවිකා වෘත්තියේ යොදවා ලබන ආදායම මත යැපීම විලි ලැජ්ජාවක්. ලෝකයේ කිසිම රටක මේ වගේ තත්ත්වයක් ඇති වෙලා නෑ. විදේශීය රටක විශේෂයෙන් මැද පෙරදිග රටක ගෘහ සේවිකාවන්ට ගෙවන වැටුප ඉතාම සොච්චම් මුදලකින් දවසේ පැය 15 - 18 ඉතාම අමානුෂික විදියට වැඩ ගන්නවා. අසනීපයට ඛෙහෙතක් ගන්න විදියක් නැහැ. ඒ හැම දෙයක්ම කරලා පොඩි වරදකටත් ඉතාම කෘර දඬුවම් පමුණුවනවා. මෙම තත්ත්වයට පාලකයන්ගේ පටන් සෑම පුද්ගලයෙකුම වගකිය යුතුයි. කිසිසේත්ම මෙය ශ්‍රී ලාංකිකයෙකු ලෙස අනුමත කළ නොහැකියි. මෙම තත්ත්වය වහා වෙනස් විය යුතුයි.”

    මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් අයවැය සඳහා ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ අජිත් වත්තුහේවා මහතා……

    “ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ප්‍රවර්ධන අධිකාරියක් ස්ථාපිත කළ යුතුයි. මේ පිළිබඳව අපි අයවැය යෝජනා සඳහාත් ඉදිරිපත් කර තිඛෙනවා. එමගින් සිදු කළ හැකි කාන්තා ව්‍යවසායකයන් ප්‍රවර්ධන වැඩසටහන් තුළත් මෙරටෙහි අපතේ යන කාන්තා ශ්‍රමය ඵලදායී ස්වයං රැකියාවක් වෙත යොමු කළ හැකියි. ගෘහස්ථ ව්‍යවසායකත්ව ආකෘතිය යටතේ ඒ සඳහා සැලසුම් අප සතුව තිඛෙනවා.“

    මෙරටෙහි කාන්තාවන් තමන්ගේ පවුලේ පැවැත්ම සඳහා ලැඛෙන මුදල ප්‍රමාණවත් නොවූ විට ක්ෂණික මුදල් ඉපයීමේ ප්‍රධාන මාර්ග දෙකක් වෙත අවතීර්ණ වෙනවාග එකක් තමයි ලිංගික සේවා සැපයීමේ වෘත්තිය වෙත එළඹීමග අනෙක විදේශීය ගෘහ සේවය සඳහා යෑමට පෙළඹීමග නමුත් මෙම තත්ත්වයන් දෙකම විධිමත් වැඩපිළිවෙලක් යටතේ පාලනය කළ හැකියිග මෙරටෙහි අපතේ යන කාන්තා ශ්‍රමය උදෙසාම අප විසින් සැලසුම් කළ “ලක්ලිය සවිය” කාන්තා ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය පිළිබඳව රජයේ අමාත්‍යංශ වෙත යොමු කර තිබේ. එහෙත් මේ දක්වා කිසිඳු ආකාරයේ ප්‍රතිචාරයක් ලැබී නැත. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයට පවා “ලක්ලිය සවිය” කාන්තා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ තොරතුරු ලබා දීලා තියෙනවා. ඒ සඳහා ප්‍රතිචාර නෑ. මෙරටෙහි කාන්තාවන් පිළිබඳව මාධ්‍ය සංදර්ශන පවත්වන කිසිඳු සංවිධානයක් මෙවැනි තත්ත්වයක් සමග කරන්න විසඳුම් සොයන්න ඉදිරිපත් වෙලා නෑග ලෝකයේ විශිෂ්ඨතම ශිෂ්ටාචාරයක් පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් හිමි රටක් ලෙස ඉතාම ගෞරවනීය සමාජ තත්ත්වයක් කාන්තාවන්ට හිමි විය යුතුයිග වරද කුමක් වුවද සදාචාරාත්මක නොවන ආකාරයේ දඩුවම් අඩම්තේට්ටම් මත ලාංකීය ස්තී්‍රත්වය අතිශය හෑල්ලූවකට ලක්වීම ඉතාම ඛේදනීයයිග මෙම තත්ත්වය වහා වෙනස් විය යුතුයි. දේශීය කාන්තා හ්‍රමය උදෙසා රට තුළින්ම ගෞරවනීය වටිනාකමක් ගොඩනැගිය යුතුයි.

    ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මෙරටෙහි විශාලතම සුලූ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සාමාජික සංචිතයක් සහිත ආයතනයක්. ඒ නිසා මම බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා වසර තුනක් වැනි කාලයකදී විදේශීය ගෘහ සේවයට යන කාන්තාවන් ප්‍රමාණය සම්පූර්ණ වශයෙන් පාලනය කර ඔවුන් වඩාත් ඵලදායී ගෘහස්ථ කර්මාන්ත වෙත යොමු කරවා ඒ හරහා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා පසුබිම සැකසිය හැකි බව මේ සඳහා පූර්ණ රාජ්‍ය මැදිහත්වීමක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා.”

    ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් ක්‍රියාත්මක කරනු ලබන කාන්තා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වේ. මෙමගින් සැලකිය යුතු ප්‍රමාණයක් ගෘහස්ථ ස්වයං රැකියා නියුක්තිය සඳහා අවතීර්ණය වී සිටී.