• Ada Derana BIZ Sinhala
  • foreigncurrency
  • Fuel
  • ITindustry
  • sri lanka

විදේශ මුදල් සීමා, විදුලි දුෂ්කරතා, ඉන්ධන හිඟය හේතුවෙන් IT කර්මාන්තය 4.3% කින් පසුබසී

September, 21, 2022

2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ‘තොරතුරු තාක්ෂණ සේවා සැපයීමේ කටයුතු‘ සියයට 4.3ක පසුබැසීමක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2022 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

අදාළ වාර්තාවේ සඳහන් වන්නේ එම කාර්තුව තුළ දී වාර්තා වී ඇති මෙම පසුබැසීම කෙරෙහි විශේෂයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ පැවති දුෂ්කරතා, ඉන්ධන හිඟය, විදේශ මුදල් සම්බන්ධයෙන් පැවති සීමා කිරීම්, අවිනිශ්චිත මෙහෙයුම් වටපිටාව සහ සිවිල් සමාජය තුළ පැවති අසහනකාරී තත්ත්වය බලපා ඇති බවයි.

‘තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සේවා සැපයීම‘ 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 1.9ක දායකත්වයක් ලබා දී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.