විදේශ විනිමය නීති තවදුරටත් තර කෙරේ

    April, 7, 2020

    ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තන් විසින් විදේශයන් හි ආයෝජනය කිරීම සඳහා ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් හරහා කරන ගෙවීම් අත්හිටුවමින් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

    මෙහිදී විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ ආයෝජකයා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික තැනැත්තකුගෙන් ලබාගත් විදේශ වවහාර ණය මුදලක් මගින් මූල්‍යයනය කිරීමට යෝජිත ආයෝජන හෝ ආයෝජිත රටෙහි පවතින නියාමන අවශ්‍යතාවක් සපුරාලීම සඳහා සිදුකරන ආයෝජන පිළිබඳ විදේශ විනිමය දොපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෑහීමකට පත්වේ නම් පමණක් අදාළ නියමයෙන් බැහැර වෙනු ඇත.

    මීට අමතරව සංක්‍රමණික දීමනාවට පළමුවරට හිමිකම් කියනු ලබන විගාමිකයන් සඳහා සුදුසුකම්ලත් සංක්‍රමණික දීමනාව ඩොලර් 30,000ක උපරිමයකට සීමා කර ඇත.

    අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.