විදේශ සංචාරකයින්ට සිහිවටන තේ ඇසුරුම් ලබාදීමට මිලියන 100 ක්

    March, 22, 2017

    ශ්‍රී ලංකා තේ අලෙවි කරනු ලබන ප්‍රධාන තේ සන්නම් නාම හිමිකරුවන් කිහිප දෙනෙකුගේ ද දායකත්වය ඇතිව, සංචාරකයින් අතර ශ්‍රී ලංකා තේ වල අනන්‍යතාව යළි මතු කර ලීමට සහ ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය පිළිබඳ හැඟීම ඔවුන් තුළ වැඩිදියුණු කර ලීම පිණිස, අනර්ඝ තත්ත්වයේ ශ්‍රී ලංකා තේ, තෝරාගත් රටවල්වල ගුවන් මගීන් සඳහා ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අවස්ථාවේදී සමරු තිළිණයක් වශයෙන් නොමිලේ ලබා දීමට යෝජනා වී ඇත.

    ඒ සමඟ ශ්‍රී ලංකා තේවල අද්විතීය ගුණාංග හා සිය රටවලදී ශ්‍රී ලංකා තේ මිල දී ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු ඇතුළත් පොත් පිංචක්ද ලබා දෙනු ඇත.

    ඒ අනුව, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ ප්‍රවර්ධන හා අලෙවි අරමුදලින් රුපියල් මිලියන 100ක් යොදාගනිමින් ඉහත සඳහන් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.