විදේශ සංචිත කළමනාකරණයට මහ බැංකුවට නව පරිගණක පද්ධතියක්

    June, 7, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ සංචිත කළමනාකරණය කිරීම සඳහා දැනට භාවිත කරන භාණ්ඩාගාර කළමනාකරණ පද්ධතියෙහි බලපත්‍ර කාලය 2021 වර්ෂයෙන් අවසන් වීමට නියමිතය.

     

    ඒ අනුව එම පරිගණක පද්ධතිය වෙනුවට නව විදේශ සංචිතයක් කළමනාකරණ පද්ධතියක් මිල දී ගැනීම පිණිස වන ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.