• Ada Derana BIZ Sinhala
  • Central Bank
  • exchange rate
  • sri lanaka
  • Stabilization

විනිමය අනුපාතිකයේ ස්ථාවර වීමක් – මහ බැංකුව පවසයි

June, 16, 2022

සමපේක්ෂණය නිසා ඇතිවූ විනිමය අනුපාතිකයේ ඉහළ විචලනයන් සීමා කිරීම අරමුණින් 2022 වසරේ මැයි 13 වැනි දින සිට හඳුන්වා දුන් නව විනිමය අනුපාතික සැකැස්ම හේතුවෙන් විනිමය අනුපාතිකයේ ස්ථාවර වීමක් නිරීක්ෂණය කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2022 අප්‍රේල් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර සිටී.

ඒ අනුව, 2022 වසරේ මැයි 13 සිට මේ දක්වා, ශ්‍රී ලංකා රුපියල, එ. ජ. ඩොලරයට සාපේක්ෂව සුළු අතිප්‍රමාණය වීමක් වාර්තා කර ඇති අතර, 2022 වසර තුළ මේ දක්වා එය එ. ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 44.3ක අවප්‍රමාණයක් වාර්තා කර ඇත.

මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් වල හැසිරීම පිළිබිඹු කරමින්, 2022 වසරේ ජූනි 10 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඕස්ට්‍රේලියානු ඩොලරයට සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ.