විනිමය චෝදනා වලින් ඇමති රවී නිදහස්

    May, 18, 2015

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු තවත් තිදෙනෙකුට එරෙහිව එල්ල කර තිබූ විනිමය පාලන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා වලින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද කටයුතු කළේය.

    විනිමය පාලන නීති උල්ලංඝණය කරමින් විදේශ මුදල් තොගයක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා කරමින් රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.