වියට්නාමය සමඟ තොරතුරු සන්නිවේදන අවබෝධතා ගිවිසුමක්

    January, 19, 2018

    දෙරට අතර මිත්‍රශීලි සබඳතා ශක්තිමත් කරගනිමින් ද්විපාර්ශ්වික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් තොරතුරු හා සන්නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.