වියත්පුරේ නිවාස 51ක් ආරක්ෂක අමාත්‍යාංශය මිල දී ගනී. මුළු වටිනාකම රු. මිලියන 676 ක්

    August, 19, 2022

    “අංග සම්පූර්ණ මහල් නිවාස” -නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරමින් පවතින, වියත්පුර මහල් නිවාස ව්යාපෘතියේ, නව නිවාස ඒකක ආරක්ෂක අමාත්යංශය විසින් මිලදී ගැනීම.
    නාගරික සංවර්ධන අධිකාරිය, අප රටේ ප්රධාන සැලසුම් ආයතනය වේ. මේ අනුව අධිකාරියේ පනතට අනුකූලව, නාගරික සංවර්ධන බල ප්රදේශ තුල භෞතික, ආර්ථික, සමාජයීය හා පාරිසරික සංවර්ධන කටයුතු මුදුන් පමුණුවා ගැනීම සඳහා අදාල නෛතික කටයුතු ක්රියාත්මක කෙරේ. රටේ වැඩිවන නිවාස ඉල්ලුම සඳහා ක්රියාශීලීව දායක වෙමින් හා නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා ගොඩනැගිලි රෙගුලාසි වලට අනුකූලව විධිමත් සැලසුම් ශිල්පීය ක්රම අනුගමනය කරමින් අංග සම්පූර්ණ පහසුකම් සහිතව, නිවාස සංවර්ධන ව්යාපෘති මෙම අධිකාරිය මඟින් ක්රියාත්මක කෙරේ.
    මෙලෙස ඉහළ යන නිවාස ඉල්ලුමට තත්කාලීන විසදුම් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් විවිධ මාදිලියේ මහල් නිවාස ඉදිකිරීමේ ව්යාපෘති ගණනාවක් ක්රියාත්මක කර ඇත. මේ අනුව නාගරික පහසුකම් වලින් පරිපූර්ණ වූ විධිමත් සැලසුමකට අනුකූලව ඉදිවන වියත්පුර මහල් නිවාස ව්යාපෘතිය තුළ සියලුම මූලික පහසුකම්, එම සංකීර්ණය තුළ ස්ථාන ගත කර තිබේ. මේ අනුව පන්නිපිටිය, වියත්පුර මහල් නිවාස ව්යාපෘතිය මෙම අධිකාරිය විසින් ක්රියාත්මක කරමින් පවතින එක් නිවාස සංවර්ධන ව්යාපෘතියක් වේ. මෙම නිවාස ව්යාපෘතිය තුළ පහත සදහන් පොදු පහසුකම් ද අන්තර්ගත වේ. එනම්, සෑම නිවාස ඒකකයකටම පාහේ වෙන වෙනම රථ වාහන නැවතුමක් හිමි වේ. මහල් නමයකින් යුත් මෙම නිවාස ව්යාපෘතියේ ඉහළ මහල් වලට ගමන් කිරීම සඳහා විදුලි සෝපාන පද්ධතියක් ඉදි කෙරේ. අංග සම්පූර්ණ වෙළඳසැල්, කැලි කසල එකතු කිරීමේ මධ්යස්ථානය හා දෛනික කැලි කසල එකතු කිරීමේ කටයුතු යනාදී පහසුකම් ද ඊට ඇතුලත් වේ. තවද සියලු මහල් නිවාස ඒකක ආවරණය වන සේ මධ්ය ලෙස කේන්ද්රගත වූ ගෑස් නළ පද්ධතිය, පොදු ස්ථාන ආවරණය වන සේ විදුලි ආලෝකය සපයන සූර්ය බලශක්ති පැනල පද්ධතිය, හදිසි ගිනි ආවරණ පද්ධතිය, සියලු නිවාස ඒකක ආවරණය වන සේ වෙන වෙනම සපයන නල ජල පද්ධතිය, ආරක්ෂිත සේවාව ඇතුළු අංග සම්පූර්ණ පහසුකම් වලින් යුතු මහල් නිවාස සංකීර්ණයක් ද වේ. ඊට අමතරව පහත සඳහන් ප්රතිමෝදක පහසුකම් ද අයත් වේ. එනම්, පොදු නාන තටාකය, පොදු ක්රීඩා මණ්ඩපය, ඇවිදින මන්තීරු සහිත ක්රීඩාංගනය, විනෝදාශ්වාදය සපයන පොදු ස්ථානවලින් ද මෙම නිවාස සංකීර්ණය සමන්විත වේ.
    මෙම මහල් නිවාස සංකීර්ණය මධ්ය ආදායම් නිවාස ව්යාපෘතියක් ලෙස ක්රියාත්මක වේ. මෙහි නිවාස ඒකක 500කින් සමන්විත වේ. එමෙන්ම දැනටමත් ක්රියාත්මක වන මාකුඹුර බහුවිධ ප්රවාහන මධ්යස්ථානය, අගනුවර, ජාතික ආරක්ෂක සංකීර්ණය ඇතුළු ස්ථාන වෙත, වියත්පුර සිට පහසුවෙන්, පොදු ප්රවාහන පහසුකම් ලබා ගත හැකි වූ මනා ලෙස කේන්ද්රගත වූ නිවාස සංකීර්ණයක් වේ.
    ජාතික ආරක්ෂක සංකීර්ණය පැලවත්ත ප්රදේශයේ ස්ථානගත වීමත් සමඟම ආරක්ෂක නිළධාරීන්ගේ නිළ නිවාස පහසුකම් ලබාදීම සඳහා ආරක්ෂක අමාත්යංශය, නාගරික සංවර්ධන අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. එම ගිවිසුම් ප්රකාරව වියත්පුර නිවාස සංකීර්ණයෙන් නව නිවාස ඒකක 51ක් ආරක්ෂක අමාත්යංශය විසින් මිලදී ගෙන ඇත. මෙම අවබෝධතා ගිවිසුම සඳහා ආරක්ෂක අමාත්යංශය වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයා ද නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් මෙම අධිකාරියේ සභාපති හා අධ්යක්ෂ ජනරාල්වරයා ද පසුගිය (2022-08-08) දින අත්සන් තබනු ලැබීය. මෙම නිවාස ඒකක 51 වර්ග අඩි 1050, 950 හා 750 යන ප්රමාණ වලින් සමන්විත වන අතර මුළු නිවාස ඒකක වල වටිනාකම රුපියල් මිලියන 676.70ක් වේ. මෙම මහල් නිවාස ව්යාපෘතියෙන් 80% ක් පමණ ඉදිකිරීම් මේ වනවිට සාර්ථකව අවසන් කර ඇත.
    එමෙන්ම ප්රාථමික නේවාසික කලාපයක් තුළ, වියත්පුර නිවාස ව්යාපෘතිය ඉදිකර ඇති අතර, එය මානව පැවැත්මට වඩාත් හිතකර වූ, ප්රියමනාප, නිදහස් පරිසරයක් තුළ පිහිටි, පරිසර හිතකාමී දැකුම්කළු ආරක්ෂිත නිවස්නයක් ද වේ.
    මෙවැනි ක්ෂේත්ර තුළ විවිධ සංවර්ධන මානයන් ඔස්සේ ව්යාපෘති ක්රියාත්මක කරමින් රටේ ජාතික සංවර්ධනයට සෘජු ලෙස දායකවීමට නාගරික සංවර්ධන අධිකාරිය, අදාල කාර්යභාරයන් මැනවින් ක්රියාවට නංවා ඇත.