March, 18, 2020
හෙට (19) දිනයේ දී දෛනික ගනුදෙනු සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබූ කොළඹ කොටස් වෙළෙඳපොළ, පෙර කී පරිදි ගනුදෙනු සඳහා විවෘත නොකෙරෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ ඉල්ලීම පරිදි සහ රජය විසින් COVID-19 වෛරසය ව්‍යාප්ත වීම වළක්වාලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය දැක්වීම පිණිස, හෙට (19) දින කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත නොවන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, හෙට දිනය ද පුද්ගලික අංශයේ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක සහ බැංකු සේවා සීමා කර ඇති තත්ත්වයක් තුළ රජය විසින් මහජන ඒකාරාශීවීම් අවම කිරීම සඳහා ගෙන ඇති පියවර අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ අනුව පසුගිය මාර්තු 13 වන සිකුරාදා දිනෙන් පසු සති අන්තය ද ඇතුළත්ව අඛණ්ඩ සයවන දිනයටත් හෙට දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත නොවනු ඇත.
හෙට දින කොටස් වෙළෙඳපොළ විවෘත කෙරන බවට සහ පසුව විවෘත නොකෙරන බවට සඳහන් කරමින් නිකුත් කරන ලද නිවේදන පහතින් දැක්වේ.


Video Story