විශ්‍රාම වැටුපට ලියාපදිංචි විය හැකි ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වා දෙයි – VIDEO

    October, 11, 2016

    ආර්ථික හා සාමාජයීය වශයෙන් තෘප්තිමත් විශ්‍රාමික ප්‍රජාවක් බිහිකිරීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ අරමුණ බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා පැවසීය. පසුගිය දා අද දෙරණ Biz 24x7 සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    විශ්‍රාම යාමට නියමිතව සිටින නිලධාරීන් හට ඔන්ලයින් ක්‍රමයක් මඟින් තමන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා ලියාපදිංචි වියහැකි ක්‍රමයක් ජාතික විශ්‍රාමික දින සැමරුමේ දී දියත් කිරීමට කටයුතු කරනු ලබන බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=8Boo-W4pBPI