විශිෂ්ටතම කළමනාකරණ ක්‍රියාපිළිවෙත සහිත සමාගම ලෙස අඛණ්ඩව තුන් වැනි වරටත් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමට ඇගයීම්

    April, 30, 2024

    විශිෂ්ටතම කළමනාකරණ ක්‍රියාපිළිවෙත සහිත සමාගමට හිමි කුසලතා සම්මානය (Best Management Practices Company Awards) අඛණ්ඩව තුන් වැනි වරටත් දිනා ගත් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම කළමනාකරණ පිළිවෙත් මනාව අනුගමනය කිරීම සඳහා දක්වන කැපවීම සහ උනන්දුව නැවත වරක් ප්‍රදර්ශනය කර ඇත ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරණය ආයතනය (CPM Sri Lanka) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී විශිෂ්ට නායකත්වය, අඛණ්ඩ වර්ධනය සහ කළමනාකාරණ ක්‍රමෝපායන්ගේ සහ පිළිවෙත්හි සාර්ථකත්වය පිළිබඳව සැළකිලිමත් වෙමින් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන රැසක් ඇගයීමට ලක් කරන ලදි.

    ඉදිකිරීම් කාණ්ඩය නියෝජනය කරමින් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම විසින් මෙම සම්මානය දිනා ගැනීම ඔස්සේ මෙරට ඉදිරිකිරීම් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස උසස් කළමනාකරණ ප්‍රතිපත්ති අනුගමනය කරමින් ඔවුන් ලබා ඇති කීර්තිය නැවත වරක් තහවුරු කෙරිණ.

    ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරිඳු අතපත්තු මහතා සිය ආයතනයේ ජයග්‍රහණය පිළිබඳව මෙසේ අදහස් දැක්වූයේය. “මෙම ඇගයීම අපගේ අඛණ්ඩ කැපවීම වඩාත් පැහැදිලිව පිළිඹිබු කරනවා. ඒ වගේම අපේ සාර්ථකත්වය අති සාර්ථකත්වයක් බවට පරිවර්තනය කරගෙන ඉහළ ස්ථරයකට පියවර එසවීමට අපට විශාල උත්තේජනයක් වෙනවා.” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

    2009දී ස්ථාපිත කරන ලදුව මෙරට ඇලුමිනියම් කර්මානතයේ ප්‍රමුඛ ස්ථානයක් දක්වා වේගවත් සහ සාර්ථක ගමනක් පැමිණි ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම Vallibel One PLC ව්‍යාපාර සමූහයට අයත් Lanka Walltiles PLC සමාගමට අනුබද්ධ ආයතනයකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිය නිෂ්පාදන සිදු කරන ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම ලොව පුරා විසිරී ඇති ඉදිකිරීම් ආයතන රැසකට ඉහළ ගුණාත්මක බවකින් හෙබි නිෂ්පාදන නිකුත් කරන විශ්වාසවන්ත සැපයුම්කරුවෙකු වී ඇත.

    ISO 14001:2015 iy ISO 50001:2018 තත්ත්ව සහතිකයන්ගෙන් සහ Carbon Footprint තහවුරු කිරීම සහිත ලංකාවේ එකම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනය වන ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම ISO 9001:2015 තත්ත්ව සහතිකය ද හිමි කරගෙන ඇත. නිෂ්පාදනයේ ගුණාත්මක බව අඛණ්ඩව වර්ධනය කරගන්නා අතර තිරසාර සංවර්ධනය සහ පාරිසරිස සුරක්‍ෂිතතාවය කෙරෙහි ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම දක්වන උනන්දුව සහ කැපවීම සඳහා මෙම තත්ත්ව සහතික සාක්‍ෂි වනු ඇත.