විශේෂ මුදල් මණ්ඩල රැස්වීමක් අද. ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

    May, 6, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, අද (2020 මැයි 06) දින පැවති විශේෂ රැස්වීමේ දී වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, පිළිවෙලින් සියයට 5.50 සහ සියයට 6.50 දක්වා පදනම් අංක 50කින් 2020 මැයි මස 06 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි අඩු කිරීමට තීරණය කරන ලදී.

    උද්ධමන පීඩන හේතුවෙන් පවතින ආර්ථික බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ ඇති අවශ්‍යතාව සලකා බලමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ. මෙම තීරණයත් සමඟ, මුදල් තත්ත්වයන් ලිහිල් කිරීම සඳහා ගන්නා ලද අනෙකුත් ක්‍රියාමාර්ගවලට අමතරව, 2020 වසරේ මේ දක්වා කාලය තුළ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කර ඇත.