විසර්ජන පනත අද සිට බලාත්මකයි

    September, 9, 2022

    2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) සිය සහතිකය සටහන් කළේය.

    මේ අනුව මෙම පනත් කෙටුම්පත 2022 අංක 21 දරන විසර්ජන (සංශෝධන) පනත වශයෙන් අද සිට බලාත්මක වේ.

    2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව පසුගිය 2 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 115කින් සම්මත විය.