වීසා ලබා ගැනීම අනිවාර්යයි. ඉවත් කළේ ගාස්තු පමණයි – රජය කියයි

    August, 29, 2019

    තෝරා ගත් රටවල් 48 ක සංචාරකයින් සඳහා වීසා නිදහස් කිරීම සම්බන්ධයෙන් යම් වැරදි වැටහීමක් ඇතිව තිබෙන බවත්, විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී අවශ්‍ය සංචාරක වීසා පහසුකම් ලබා ගැනීම සාමාන්‍ය ආකාරයෙන් සිදුකළ යුතු බවත් ආගමන හා විගමන පාලක පසන් රත්නායක මහතා පවසයි. ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් ආගමන හා විගමන පාලකවරයා පැවසුවේ වීසා ලබා ගැනීමේ දී අයකරනු ලබන ගාස්තුව පමණක් මෙහිදී නිදහස් කර ඇති බවයි.

    “සංචාරකයන් සඳහා වීසා ලබා ගැනීමේ සියලූම ක්‍රමවේද පැවති ආකාරයෙන්ම තියෙනවා. වීසා ගාස්තුව රටවල් 48ක් සඳහා නිදහස් කරනු ලැබුවා. මෙය පැහැදිලි වශයෙන් කිව යුතුයි. වීසා ඉල්ලුම් කිරීමේ දී ඔන්ලයින් මාර්ගයෙන් අයදුම් කිරීම තවමයි මෙහි ඇති පහසුකම ක්‍රමවේදය.“