වෘත්තීය පුහුණු අධිකාරිය හා රක්නා ආරක්ෂක ලංකා අතර අවබෝධතා ගිවිසුමක්

    February, 26, 2020

    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) හා සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා ආයතනය අද දින (26) ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදි.

    පුද්ගලික ආරක්ෂක කර්මාන්තයේ සේවය කරන පුද්ගලික ආරක්ෂක නිලධාරීන් සහ එම ක්ෂේත්‍රයට යොමු වීමට නියමිත අය සඳහා රැකියා ගත වීමට පෙර විධිමත් පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත. එම හඳුනාගත් අවස්ථාවන් සපුරාලීම සඳහා පහත සඳහන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මත කිරීම මෙහි ප්‍රමුඛතම අරමුණ වේ.

    • Private Security Officer Training Course
    • Train-The-Trainer on Private Security Training
    • Security Management & Consultancy Course

    එමඟින් මෙම ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතුවූවන්ට හා රැකියා ගතවන්නන්ට විධිමත් පුහුණුවක් හා සහතිකකරණය ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධිත සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා ආයතනය මඟින් සිදු කිරීම මෙම අවබෝධතා ගිවිසුම මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

    මෙම අවස්ථාව සදහා VTA සභාපති දමිත වික්‍රමසිංහ මහතා හා රක්නා ආරක්ෂක ලංකා ආයතනයේ ප්‍රධනා විධායක නිලධාරී විශ්‍රාමික මේජර් දුලත් එල්.විජේතිලක මහතා ඇතුළු දෙපාර්ශවයේ ම නිලධාරී මහත්ම මහත්මීන් විශාල පිරිසක් එක් වූහ.