වෙන්චර් එනජින් යළිත් වරක් ව්‍යවසායකයින් දිරිගැන්වීමට සූදානමින්

    May, 1, 2014

    ශී‍්‍ර ලංකාවේ ව්‍යවසායකයින් දිරි ගැන්වීමේ අරමුණින් වඩාත් ඵලදායි ව්‍යාපෘති වෙනුවෙන් අනුග‍්‍රාහකත්වය දැක්වීමේ අරමුණින් කි‍්‍රයාත්මක බ්ලූ  ඕෂන් ව්‍යාපාරය (Blue Ocean Ventures) හා ඉන්දියන් ඒන්ජල් ජාලයේ (Indian Angel Network) ඒකාබද්ධව පවත්වනු ලබන වෙන්චර් එනජින් 2014 (Venture Engine 2014) අඛණ්ඩව තුන්වැනි වරටත් කි‍්‍රයාත්මක කෙරේ. පසුගිය දෙවසකර කාලය තුළ ව්‍යාපාරික අවස්ථා 12ක් පණ ගැන්වීමට සිය දායකත්වය සපයමින් රුපියල් මිලියන 200ක මුදලක් ආයෝජනය කර තිබේ. මූල්‍යමය අවස්ථාවන් වෙනුවෙන් මංපෙත් විවර කිරීමට අමතරව ලංකා ඒන්ජල් ජාලය (Lankan Angel Network (LAN)) ඔස්සේ ව්‍යපාර තුළින් සාර්ථකත්වය අත්කර ගැනීමට ඉවහල් වන දැනුම බෙදාදීමේ වැඩමුළු පැවැත්වීමට ද එම එකමුතුව හරහා කටයුතු සංවිධානය කරනු ලබයි.

    ව්‍යපෘතිය වෙනුවෙන් මෙවර ප්ලැටිනම් අනුග‍්‍රාහකයින් ලෙස ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ ඉදිරි පෙළ ආයතන ලෙස සැලකෙන එක්ස්පොලංකා සහ ඔරායන් සිටි කටයුතු කරනු ලබන අතර රන් අනුග‍්‍රාහකයින් ලෙස ඩයලොග් ආසියාටා කටයුතු කරනු ලබයි. ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරිකයින්ගේ එකමුතුවෙන් පළමුවරට සැදුම්ලත් වෙන්චර් එනජින් ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවනු ලබන්නේ ලංකා එන්ජල් ජාලය විසිනි.

    අලූතින් ආරම්භ කළ ව්‍යාපාර හා ව්‍යාපාර අවස්ථා උදාකර ගැනීමේ අරමුණින් පසුවන ව්‍යාවසායකයින් සඳහා මෙම අවස්ථාව විවර වේ. ව්‍යාවසායකයින්ගේ ව්‍යාපාර සැලසුම් ඉදිරිපත් කිරීම අපේ‍්‍රල් මස 29 වැනිදායින් ආරම්භ වන අතර මැයි මස 26වැනිදා දක්වා එය විවෘතව පවතී.

    ඉන් අනතුරුව ඒවා තෝරා ගැනීමේ කි‍්‍රයාවලිය වෙත යොමු කෙරෙනු ඇත. දේශිය මෙන්ම විදේශිය අයෝජකයින්ගෙන් සැදුම්ලත් ව්‍යාපාර කමිටුවක් වෙත එම සැලසුම් යොමු කෙරෙන අතර ඒ අතරින් අවමය ලෙස දෙවැනි වටය සඳහා සැලසුම් 20ක් තෝරා ගැනීම සිදු කෙරේ. තෝරා ගත් එම සැලසුම් දෙවැනි වටය සඳහා යොමු කෙරෙන අතර එහිදී ඒ පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කෙරෙන අතර ඒවායෙහි ඉදිරි සාර්ථකත්වය සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරේ. එහිදී ඉහළ මට්ටමේ පවතින ව්‍යාපාර සැලසුම් වෙනුවෙන් වැඩි ප‍්‍රතිලාභ අත්වන අතර ඔවුන්ගේ සැලසුම් සාර්ථක කර ගැනීම ස`දහා අවශ්‍ය උපදෙස් හා ම`ග පෙන්වීම ලබාදෙන දේශිය හා විදේශිය අයෝජකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන වැඩමුළු පවත්වනු ලබයි. ඉන් අනතුරුව යළිත් වරක් එම සියලූ සැලසුම් විශ්ලේෂණයට ලක් කරමින් අවසන් වටය සඳහා ඉදිරිපත් කරමින් විශිෂ්ටතම ව්‍යාපාර සැලසුම තෝරා ගැනීම සිදු කෙරේ.

    ‘‘ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර සැලසුම් සමගින් අයෝජකයින් සෘජුවම මුණ ගැසීමේ අවස්ථාව ඔවුන් වෙත සලසා දීම වෙන්චර් එනජින් ඔස්සේ සිදු කෙරේ. තෝරාගත් අයදුම්කරුවන් දැනුවත් කිරීම ලංකා ඒන්ජල් නෙට්වර්ක් හා ඉන්දියන් ඒන්ජල් නෙට්වර්ක් හරහා සිදු කරනු ලබයි. එහිදී තෝරාගනු ලබන විශිෂ්ටතම සැලසුම් 10 වෙත සිය ව්‍යාපාර අවස්ථා පුළුල් කර ගැනීමට අවශ්‍ය ආයෝජන සපුරා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.’’ යනුවෙන් බ්ලූ  ඕෂන් වෙන්චර් හි කළමණාකාර අධ්‍යක්ෂ ප‍්‍රජීත් බාලසුබ‍්‍රමණියම් මහතා පෙන්වා දුන්නේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සදහන් කළේ ‘‘ අපි 2012 වසරේ දී පළමුවරට වෙන්චර් එනජින් වැඩසටහන කි‍්‍රයාත්මක කරමින් සුවිශේෂි පෙරළියක් ඇති කිරීමට සමත් විය. පශ්චාත් යුධ සමයේ රටතුළ කි‍්‍රයාත්මක දැවැන්ත සංවර්ධන කි‍්‍රයාවලියත් සමගින් විදෙස් ආයෝජකයින් සිය ආයෝජන සදහා පවතින අවස්ථා සොයමින් සිටි කාලයක ඒ වෙනුවෙන් පහසුකම් සලසා දීමට යාන්ත‍්‍රණයක් සකස් කර දීමට අපට එමගින් හැකියාව ලැබින. පසුගිය වසර දෙක තුළ වෙන්චර් එනජින් යාන්ත‍්‍රණය ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක වෙමින් අත්කර ගත් සාර්ථකත්වය වර්තමානයේ අපට අත්විදීමට හැකි වී තිබේ.’’ යන්නයි.

    ‘‘ආරම්භයේ දීම සාර්ථකත්වය අත්කර ගනිමින් වැඩසටහන සදහා පසුගිය දෙවසර තුළ ආයෝජකයින්ගේ සංඛ්‍යාව තවදුරටත් පුළුල් කර ගැනීමට අපට හැකියා ලැබින. තිරසාරත්වය ප‍්‍රධාන අංගයක් ලෙසින් සලකන වෙන්චර් එනජින් හි ප‍්‍රධානතම භූමිකාව වනුයේ ප‍්‍රාග්ධනය ඉහළ නංවා ගැනීමට දායකත්වය සැපයීමයි. අපගේ කණ්ඩායමේ සාමාජිකයින් නිරතුරුවම ඒ වෙනුවෙන් අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම ලබාදීමට බැදී සිටියි.’’ යන බවද බාලසුබ‍්‍රමණියම් මහතා පෙන්වා දුන්නේය.

    ‘‘වෙන්චර් එනජින් යාන්ත‍්‍රණය ඊටම ආවේණික ක‍්‍රමවේදයකට අනුව කි‍්‍රයාත්මක වන්නකි. එය ව්‍යවසායකත්වය දිරිගන්වමින් ශී‍්‍ර ලංකාවට ආයෝජන අවස්ථා රැගෙන එන දූතයකු ලෙසින් කි‍්‍රයාකරයි. වසරින් වසර එය රට තුළට මුදල් රැගෙන එමින් ශී‍්‍ර ලාංකේය යොවුන් ආයෝජකයින් දිරි ගැන්වීමේ නිරතව සිටියි. ඉන්දියන් ඒන්ජල් නෙට්වර්ක්, ලංකා ඒන්ජල් නෙට්වර්ක් සමග අත්වැල් බැද ගැනීමට ලැබීම මහගු භාග්‍යයක් ලෙස සලකනු ලබන අතර එම සහයෝගිතාවය මගින් වෙන්චර් එනජින් ශී‍්‍ර ලංකාව වෙත අයෝජකයින්ගේ අවධානය දිනා ගැනීමට සමත්වී ඇත.’’ යනුවෙන් ඉන්දියන් නෙට්වර්ක් හි සභාපති පද්මාජා රූපරෙල් මහතා පැවසීය.

    ‘‘ඉතා සුළුවෙන් එළවලූ හා පලතුරු අපනයනය ඉලක්කකර ගනිමින් පවත්වාගෙන ගිය සාමාන්‍ය ව්‍යාපාරයක් ලෙසින් පැවති එක්ස්පෝලංකා වර්ථමානය වන විය ලොව පුරා රටවල් 18ක ව්‍යාප්තව පවතින දැවැන්ත ජාලයක් බවට පත්ව තිබේ. ව්‍යවසායකත්වයේ සාර්ථකත්වය ගොඩනැගෙනුයේ රට ගමන් කරන නව මාවත ඔස්සේ ඉදිරියට ඇදී යාමේ දී මතු වන ඉදිරි අභියෝග පිළිබද මනා අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම තුළිනි. ඒ අනුව වෙන්චර් එනජින් සමගින් අත්වැල් බැදගත් පිරිසට සාර්ථකත්වයට පත් වීම සදහා ඉවහල් වන මග පෙන්වීම ලබා ගැනීම එතරම් අපහසු කරුණක් නොවේ.’’ යනුවෙන් එක්ස්පෝලංකා සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී හනීෆ් යූසුෆ් මහතා පෙන්වා දුන්නේය.

    ‘‘නව්‍යකරණය හා ව්‍යවසායකත්වය තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ අත්‍යාවශ්‍යම සාධක දෙකකි. නවීන තාක්ෂණය හා බැදුණු අලෙවි කළ හැකි අන්දමේ අදහස් නොසැලෙන ඉදිරි ගමනක් කරා යොමු කරනු ඇත. වෙන්චර් එනජින්, අපගේ ආයෝජන වෙනුවෙන් වඩාත් නිවැරදි හා යතාර්ථවාදී සැලසුම් හා සංකල්ප තෝරා ගැනීමට පහසුව සලසමින් වටිනා සේවාවක් ඉටුකරමින් සිටියි. ඔරියන් සිටි ආරම්භයේ සිටම අවබෝධ කරගත් කරුණක් වූයේ රටේ සංවර්ධනයට දායක වන අන්දමින් තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ව්‍යාප්තියට අවශ්‍ය දායකත්වය සලසා දිය යුතුය යන්නයි. එම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණ පෙරදැරිව අප ඔරියන් කැදැල්ල හදුන්වාදෙනු ලැබුවා.’’ යැයි ඔරියන් සිටි හි ප‍්‍රධාන විධායක නිලධාරී හා අධ්‍යක්ෂ ජීවන් ඥානම් මහතා පැවසීය.

    ‘‘නව්‍යකරණය, අවදානම් ප‍්‍රාග්ධනය හා රාජ්‍ය ප‍්‍රවීණත්වය ඒකරාශි කරමින් අත්හදා බැලීම් සදහා වැඩි වටිනාකමක් එක් කිරීමට වෙන්චර් එනජින් මගින් වේදිකාවක් ගොඩනගා දී තිබේ. ලොවපුරා පවතින අවශ්‍යතාවයන් වෙනුවෙන් අතහිත දෙමින් ලොව පුරා ජාතික තරගකාරිත්වය හා නව්‍යකරණය වෙත ඔවුන් යොමු කරවීම වෙන්චර් යාන්ත‍්‍රණය හරහා සිදු කෙරේ. වෙන්චර් එනජින් සමගින් එක්ව කටයුතු කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකනු ලබන අතර දෙවසරක් වැනි කෙටි කාලයක් තුළ ඔවුන් විසින් කි‍්‍රයාත්මක කළ වැඩසටහන් වල සාර්ථකත්වයේ පාර්ශවකරුවන් බවට පත් වීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්’’ යන්න ඩයලොග් ආසිආටා පී.එල්.සී. හි සමූහ ප‍්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ අදහසයි.

    වෙන්චර් එනජින්, ව්‍යාපාර ආරම්භය වෙනුවෙන් අවශ්‍ය සහයෝගය සැලසීමට පමණක් සීමා නොවූ ව්‍යවසායකයින් හා ආයෝජකයින් යන දෙපාර්ශවයම වෙනුවෙන් වඩාත් ආකර්ෂණීය සේවා සපයන යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කරමින් සිටියි. ව්‍යාපෘතිය පිළිබද වැඩිදුර විස්තර, පෙර වසර වල කි‍්‍රයාකාරිත්වය හා පෙර වර්ෂ වල සහභාගිත්වය පිළිබද වැඩිදුර විස්තර www.ventureengine.lk.  යන වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.