වෙළෙඳපොළ පිළිබඳ සැලකිලිමත් වන්න – විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත්

    April, 12, 2018

    උත්සව සමය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය සඳහා අධික ඉල්ලුමක් ඇති බැවින් මෙම කාල සීමාව තුළ වෙනත් දිනවලට වඩා ආහාර ප්‍රමාණයක් මෙන් ම වර්ග ප්‍රමාණයක් වෙළෙඳපොළ වෙත පැමිණෙන බවත් ඒ පිළිබඳ ව සැලකිලිමත් වන ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි.
    ආහාර ද්‍රව්‍ය කල් ඉකුත්වීම/ විෂ වර්ග එකතුවීම/ බැර ලෝහ වර්ග අන්තර්ගත වීම මෙන්ම අනුමත නොවන වර්ණක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කිරීම වැනි සිතාමතා ආහාර සඳහා එකතු කරන එහෙත් ශරීරයට අහිතකර ද්‍රව්‍යයන් අඩංගු විය හැකි බැවින් උත්සව සමයේ මිලදී ගන්නා ආහාර පිළිබඳ ව සැලකිලිමත් වන ලෙස වෛද්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
    යම් ආහාර ද්‍රව්‍යයක් පිළිබඳ ගැටලුවක් ඇත්නම් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දැනුම්දීමට කටයුතු කරන ලෙසත් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.