වෙළෙඳභවතුන්ගේ ගෙවීම් කටයුතුවලට සහාය වීමට Visa CyberSource අන්තර්ජාල ගෙවීම් ප‍්‍රවේශය සඳහා HNB වටිනාකම් එකතු කළ සේවාවන් හඳුන්වා දෙයි

    July, 13, 2020

    ශ්‍රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන HNB, ජාත්‍යන්තරව පිළිගත් අන්තර්ජාතික ගෙවීම් ප‍්‍රවේශය (Internet Payment Gateway) සඳහා පහසුකම් සපයන්නෙකු වන, Visa CyberSource හරහා ගෙවීම් කටයුතු සිදු කරන වෙළෙඳභවතුන් සඳහා විශේෂ වටිනාකම් එකතු කළ සේවාවන් හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත.

    මෙවැනි නව අමතර වටිනාකම් mechant IPG වලට එකතු කිරීම මගින් ගනුදෙනු තවදුරටත් විධිමත් කිරීම සහ ස්වයංක‍්‍රීය කිරීම හරහා ගෙවීම් ක‍්‍රියාවලිය වඩාත් විප්ලවීය ලෙස වැඩිදියුණු කිරීම සඳහා e-commerce වෙත මාරු වීමට ව්‍යාපාරවලට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ’‘කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානමත් සමඟ බොහෝ පාරිභෝගිකයින් ඔවුන්ගේ ව්‍යාපාර අන්තර්ජාලය භාවිතා කරමින් කරගෙන යාමට අරගල කිරීමේදී යම් යම් පසුබෑම්වලට මුහුණ දෙන විට, තවත් බොහෝ ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ව්‍යාපාර අන්තර්ජාලය හරහා කරගෙන යාමේදී විශිෂ්ට සාර්ථකත්වයක් අත්කර ගත් බව ද අප දැක තිබෙනවා.

    ‘‘දැනටමත් Visa CyberSource භාවිතා කරන ශ්‍රී ලංකාවේ පළමු සමාගම වන HNB, මෙම හවුල්කාරීත්වයේ ඇති වටිනාකම සහ එම සේවාව පුළුල් කිරීමේ වැදගත්කම අප ඉක්මනින් අවබෝධ කර ගත්තා. මෙය e-commerce වෙත මාරු වන ව්‍යාපාරයන්වලට ඊට පිවිසීමට ඇති බාධාව අවම කිරීම අරමුණු කරගත් HNB වැඩසටහන් මාලාවේ එක් කොටසකි. මෙමගින් පුළුල් කරන ලද ව්‍යාපාර ඩිජිටල්කරණයේ පරිපාලනමය දුෂ්කරතා කළමනාකරණය කිරීමට ව්‍යාපාරවලට සහාය වන අතරම, ලෝක මට්ටමේ පාරිභෝගික අත්දැකීමක් (end-user experience) ද ලබා දෙයි,’’ යනුවෙන් HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.

    තවද, නව අමතර වටිනාකම් එක් කළ සේවාවන් මඟින් ඇති කළ වැඩිදියුණු කළ ක‍්‍රියාකාරීත්වයට, පාරිභෝගිකයාට පහසුවෙන් නැවත ගනුදෙනු කිරීමට පහසුකම් සැලසීම සඳහා වෙළෙඳභවතුන්ට අවශ්‍යය වැදගත් දත්ත ආරක්ෂිතව ගබඩා කිරීමේ හැකියාව ද අයත් වේ.

    අනෙකුත් සම්මත IPG කාර්යයන්ට අමතරව, zero-integration IPG සේවාව කුමන හෝ තරාතිරකම වෙළෙඳභවතුන් සඳහා අන්තර්ජාලය හරහා ගනුදෙනු කටයුතු සිදු කිරීමට අවශ්‍ය ප‍්‍රවේශය විධිමත් කරයි. එමඟින්, ආරක්ෂිත ක්ලික් කර ගෙවීමේ ක‍්‍රම ඇති කිරීමට හැකියාව ඇති කරන අතර තම ගෙවීම් විස්තර සහිත බිල්පතක් ඊමේල් පණිවිඩයක් හරහා ගනුදෙනුකරුවන්ට සෘජුවම යැවිය හැකිය. මෙය මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඉතාමක් සුදුසු විශේෂාංගයකි.

    මෙම ව්‍යාපාරවලට විශේෂයෙන් නිර්මාණය කළ අන්තර්ජාල වෙළෙඳ වේදිකාවට ප‍්‍රවේශය ලබා ගත හැකි අතර එමඟින් ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ගෙවීම් ප‍්‍රවේශයන් හරහා අන්තර්ජාලයෙන් සිදු කරන සියලූම ගනුදෙනුවල සම්පූර්ණ සහ සවිස්තරාත්මක අවබෝධයක් ලබා ගත හැකිය.

    ආරක්ෂිත වීසා යටිතල පහසුකම් මත ගොඩනගා ඇති, CyberSource වාර්ෂිකව ගෝලීය වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 479කට වඩා වටිනාකමකින් යුත් ගනුදෙනු බිලියන 13 කට අධික සංඛ්‍යාවක් කළමනාකරණය කරයි. ගෝලීයව රටවල් සහ පාලන ප‍්‍රදේශ 190කට අධික සංඛ්‍යාවක ක‍්‍රියාත්මක වන මෙම අන්තර්ජාල වේදිකාව ලොව පුරා සිටින වෙළෙඳභවතුන්ගේ අලෙවිය වර්ධනය කිරීමට, ඔවුන්ගේ වෙළෙඳ සන්නාම ආරක්ෂා කිරිමට සහ වඩාත් කාර්යක්ෂමව ක‍්‍රියාත්මක වීමට උපකාරී වේ. CyberSource භාවිතා කරන ගනුදෙනුකරුවන් අතර ඩිජිටල් වාණිජ්‍ය අවකාශය තුල සිටින ඇතැම් විශාලතම සහ ප‍්‍රමුඛ වෙළෙඳපොළවල් සහ වෙළෙඳභවතුන් ඇතුළත් වෙයි.

    e-commerce සහ මුදල් නොමැතිව සිදු කරන ගෙවීම් සඳහා පහසුකම් සලසන ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගමක් ලෙස, HNB, online සහ ඩිජිටල් බැංකුකරණයේ සිය කුසලතාවන් ආක‍්‍රමණශීලීව වර්ධනය කරමින් සිටී. මෑත කාලයේදීඕනෑම ව්‍යාපාරයකට පහසුවෙන් හා ඉක්මනින් අඛණ්ඩව e-commerce හැකියාවන් පිහිටුවීමට හැකියාව ඇති කරන AppiGo, වැනි විප්ලවීය අන්තර්ජාල භාණ්ඩ හා සේවා විකුණුම් වේදිකාවන්  හරහා online වෙළෙඳසැල් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සියලූම ආකාරයේ ව්‍යාපාරවලට HNB දායකත්වය ද ලබා දී ඇත.

    පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 251ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යමින් සහ ශ‍්‍රී ලංකාවේ විශාලතම හා තාක්ෂණික වශයෙන් වඩාත් නවෝපාදන බැංකුවක් වන HNB 2019 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී සම්මාන හතකට හිමිකම් කියන ලදී. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන HNB වෙත Moody’s Investors Service විසින් B1 ශ්‍රේණිගත කිරීමක් ද ලබා දී ඇත.