• Ada Derana BIZ Sinhala
  • New Zealand High Commissioner
  • sri lanka
  • Trade Minister

වෙළෙඳ ඇමති සහ නවසීලන්ත මහකොමසාරිස්වරයා අතර ද්වීපාර්ශවීය හමුවක්

September, 14, 2022

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ද්වීපාර්ශවීය වෙළෙඳ හා ආර්ථික සබදතා තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇප්ලෙටන් මහතා (Michael Appleton) සහ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් (13දින ) වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවයේම සාකච්ඡාවට ලක් වූ අතර අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය විසදීම සඳහා දේශීය නිෂ්පාදන ධාරිතාවය වැඩි කළ යුතු බවයි.

යෝජිත ශ්‍රී ලංකා නවසීලන්ත වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාවය සම්බන්ධයෙන්ද මෙහිදී දෙපාර්ශවයේම අවධානය යොමු වූ අතර ශ්‍රි ලංකාව මේ වන විටත් එම ගිවිසුමේ ඉදිරි කටයුතු වලට සූදානම් වෙමින් සිටිි.

ශ්‍රී ලංකාවේ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය පිළිබවඳවත්, ශ්‍රී ලංකාව සමඟ චීනය සහ ඉන්දියාව අතර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම් හා ඊට අදාළ වෙළෙඳ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද මෙහිදී මහකොමසාරිස්වරයාගේ අවධානය යොමු විය.රසායනික පොහොර ආනයනය නැවැත්වීමෙන් පැණ නැගුණු ගැටළු සම්බන්ධයෙන් හා සංචාරක කර්මාන්තය හා විදෙස් ආයෝජන සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් ක‍ළේ ශ්‍රී ලංකාව නවසීලන්තයට අපනයනය කරන භාණ්ඩ අතුරින් ශ්‍රී ලංකාවේ තේ ප්‍රධාන තැනක් ගන්නා බවත් එය ලංකාවේ අපනයන වල මුළු වටිනාකමින් 30% බවත්ය. තේ වලට අමතරව ලංකාව ඇගලුම්,පොල් ආශ්‍රිත නිෂ්පාදන හා ටයර් ඇතුළු භාණ්ඩද නවසීලන්තය වෙත අපනයනය කරයි.නවසීලන්තයේ සිට මෙරටට සංචාරකයන් පැමිණීම හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමයමය ලබා ගැනීමේ ඇති විභවතාවයක් පිළිබදවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ ට්‍රැව්ලර්, නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශක සුමුදු ජයසිංහ,වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් එස්.ටී කොඩිකාර, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආනන්ද ධර්මප්‍රිය සහ වෙළෙඳ ඳ අමාත්‍යාංශයේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.