වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම ලබන ජනවාරියේදී

    December, 4, 2016

    ජාත්‍යන්තරයේ ප්‍රමුඛ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන වොක්ස්වැගන් සමාගමේ ශාඛාවක් ඉදිකිරීම සඳහා එළඹෙන ජනවාරි 3 වැනි දා කුලියාපිටියේ දී මුල්ගල තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    කර්මාන්ත ශාලාව ඉදිකිරීමත් සමඟ සෘජු හා වක්‍ර රැකියා රාශියක් ද නිර්මාණය වන අතර, මෝටර් රථ නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගැනීමේ අවස්ථාව ද මෙරට තරුණ ප්‍රජාවට හිමිවනු ඇත.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, නව රජයේ අධ්‍යාපන වැඩසටහන් අතර ප්‍රධානතම වැඩසටහනක් වන "ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන යටතේ ව/ගිරි/ගල්ගම්මුල්ල මයුරාවතී මහ විදුහලේ පරිපාලන ඒකකය සහිත නව දෙමහල්ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.