වෝටර්ස් එජ් ආසන්නයේ පොල්දූව පාලමේ සැලසුම මෙහෙමයි

    June, 7, 2014

    බත්තරමුල්ල වෝටර්ස් එජ් ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ ඉදිකරමින් තිබෙන පොල්දූව පාලමේ තවත් මංතීරු තුනක් සහ පාලම දෙපසින්ම මගීන්ට ඇවිද යාමට අඩි දහයක තීරු දෙකක් ඉදිකරන බව එහි කොන්ත්‍රාත්කරුවා වන ඇක්සස් ඉංජිනියරිං සමාගම කියයි.

    එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ජෝෂුආ මහතා අප සමග සඳහන් කළේ මෙම පාලමේ දැනට ඉදිකර තිබෙන මංතීරු තුනද ඇතුළත්ව පාලමේ වැඩ අවසන් කළ පසුව එහි මංතීරු ගණන 06 ක් වන බවයි.

    “අපි බලාපොරොත්තු වෙනවා මෙහි ඉදිකිරීම් මේ වසර අවසානයට පෙර ඉවර කරන්න. මෙම පාලම ගොඩ නගන්නේ පාලම යටින් බෝට්ටු වලටත් ගමන් කිරීමට හැකි පරිදියි.“

    යනුවෙන් ඔහු අප සමග සඳහන් කළේය.

    මෙම පාලමේ වැඩ ආරම්භ කළේ 2013 අගෝස්තු මාසයේ වන අතර ඒ සඳහා ඇස්තමේන්තු කර තිබෙන වියදම රුපියල් මිලියන 695 කි.