ශ්‍රීලංකන්ට සහාය වෙන්න CAE Flight Services එයි

    October, 11, 2022

    ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් සේවා කාර්යමණ්ඩල සේවා කටයුතු සැලසුම් කිරීමේ හා සම්පත් කළමනාකරණය කිරීමේ ස්වයංක්‍රීය පද්ධතියක් (Automatcd Crew Scheduling and Resource Managment System) සැපයීම සදහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

    ලොව පුරා වාණිජ ගුවන් සේවා විසින් ගුවන් සේවා කාර්ය මණ්ඩලය සේවා කටයුතු සඳහා සැලසුම් කිරීමේ හා සම්පත් කළමනාකරණය කිරීමේ ස්වයංක්‍රීය පද්ධති ක්‍රියාත්මක කරනු ලැබේ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ දැනට ක්‍රියාත්මක පද්ධතියේ කොන්ත්‍රාත් කාලසීමාව 2022-10-31 දිනෙන් අවසන් වේ. එබැවින්, සුදුසු සේවා සපයන ආයතනයක් ප්‍රසම්පාදනය කිරීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කර ඇත.

    ඒ් අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි අදාළ ප්‍රසම්පාදනය අවුරුදු 05ක කාලසීමාවක් සඳහා CAE Flight Services USA, Inc, සමාගම වෙත පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates