ශ්‍රීලංකන් අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීම ඇමති දන්නේ නැහැ

    December, 27, 2017

    ශ්‍රීලංකන් ගුවන් සේවයට අදාළව එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් එහි සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව පසුගිය දා ප්‍රකාශ වී තිබිණි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය භාර අමාත්‍යවරයා වන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අදාළ ඉල්ලා අස්වීම් පිළිබඳව තමන්ව දැනුවත් කළ නොමැති බවයි.

    “ශ්‍රීලංකන් එයාර්ලයින් එකේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලා අස්වීම ගැන මම නං මුකුත් දන්නේ නැහැ. මට නිල වශයෙන් දැනුවත් කරලා නැහැ. මගේ අමාත්‍යාංශයට දැනුවත් කරලා නැහැ. මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් දැනුවත් කරලා නැහැ. මමත් ඒ ගැන දැනගත්තේ මාධ්‍ය හරහා“, යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.