August, 22, 2019
ශ්‍රීලංකන් ගුවන් සේවයට ගුවන් යානා අත්පත් කර ගැනීමත්, ඒ අත්පත් කර ගත්ත ගිවිසුම් යළි අවසන් කිරීමත් නිසා ශ්‍රී ලංකා රජයේ ජනතාවට විශාල පාඩුවක් සිදුවී ඇති බව කෝප් කමිටුව සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ශ්‍රීලංකන් ගුවන් සේවය පිළිබඳ කෝප් වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවේ දී සභාගත කළ අවස්ථාවේ දී ඔහු මේ බව කියා සිටියේය.
“මම එක උදාහරණයක් කියන්නම්. 2013-17 කාලයේ එයාර්බස් සමාගමට ගෙවලා තියෙන වන්දිය විතරක් ඩොලර් මිලියන 98ක් දැනට. ඒ වගේම මේ සමාගමට උපදෙස් ගත්ත සමාගම් තියෙනවා, ඒවාට ඩොලර්වලින්, පවුම්වලින් විශාල ගෙවීම් කරලා තියෙනවා. නමුත් අවසානයේ දී ගත්ත දෙයක් නැහැ“, යැයි හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී විවාදයට එක් වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා,
“මෙතන මූලික ගැටළුව රජයේ ව්‍යවසායන්ට බොහෝ වේලාවට සුදුසු පුද්ගලයින් පත් නොකිරීම. ඒ මූලික ප්‍රශ්නයට අපි විසඳුමක් දෙන්න ඕනේ. මේ ආයතනය මගේ භාරයට ආවට පස්සේ, මම අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙනස්වීමක් කරලා නැහැ. දැන් කරන්න බලාපොරොත්තු වෙනවා.
Video Story