ශ්‍රීලංකන් එයාර්ලයින්ස් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සෙරන්ඩිබ් ව්‍යාපාරික පන්තියේ විවේකාගාරයට SkyLights’ VR සිනමා අත්ඳැකීම හඳුන්වාදෙයි

    January, 16, 2019

    ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, විනෝදාස්වාද විශේෂඥ ස්කයි ලයිට්ස් (SkyLights) සමඟ  එක්වී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සෙරන්ඩිබ්  ව්‍යපාරික පන්තියේ  විවේකාගාරය වෙත පැමිණෙන මගීන් සඳහා VR හෙවත් වර්චුවල් රියැලිටි (Virtual reality) සිනමා අත්දැකීමක් ලබාදීම පසුගිය දා (10) ආරම්භ කරන ලදී.

    අති නවීන ඩිජිටල් තාක්ෂණය උපයෝගි කරගනිමින් Allosky සහ Skykids  හෙඩ්සෙට් මගින් නවතම චිත්‍රපට සහ ටෙලි නාට්‍ය  2D ,3D සහ අති නවීන 360 view තාක්ෂණය ඔස්සේ නැරඹීමට මෙමගින් හැකිවේ.

    මෙම පහසුකම හඳුන්වාදීම තුළින් තම ගුවන් ගමන් වාරය පැමිණෙන තෙක් බලාසිටින ගණුදෙනුකරුවන්ගේ කාලය සිනමා රස වින්දනයට යොමු කරවා, එමගින් වඩාත් සතුටුදායක ගමනකට ආරම්භය සැලසිය හැක. ඉදිරියේ දී මෙම පහසුකම දිගුදුර ගුවන් යානා අභ්‍යන්තරයේ ද ස්ථාපිත කිරීමට නියමිතය.

    SkyLights යනු ඇමරිකානු-ප්‍රංශ සමාගමක් වන අතර ගුවන් යානා තුළ මෙන්ම මගී විවේකාගාරය තුළ VR- සිනමා තාක්ෂණය හඳුන්වා දීමේ පුරෝගාමියෙකු වේ.  ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් ක්ෂේත්‍රයේ ඔවුන්ගේ විශේෂඥතාව හඳුනා ගනිමින් SkyLights 'Allosky සහ Skykids  සඳහා  පෞද්ගලික සිනමා කලාපයක් නිර්මාණය කිරීමේ අවස්ථාව සලසා දුන් අතර විවේකාගාරයේ රැඳී සිටින කාලය තුළ දරුවන් වෙත ඉතා සුවිශේෂී අත්දැකීමක් ලබාදීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ සිය වටිනා පාරිභෝගිකයින්ට අමතක නොවන සංචාරක අත්දැකීමක් ලබා දීම සඳහා SkyLights සමඟ සම්බන්ධ වීමට හැකි වීම පිළිබඳ සතුටට පත්වන බවයි. එසේම මෙම අතිවිශිෂ්ට සිනමා අත්දැකීම මගීන්ගේ විනෝදාත්මක රසාස්වාදය ඉහළ නැංවීම සඳහා සැබවින්ම ගත් ප්‍රගතිශීලී පියවරක් වන බවද හෙතෙම පෙන්වා දුන්හ. තවද එම සේවාව ලබා දෙන ආසියානු කලාපයේ ප්‍රථම ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය බවද ඒ මහතා පැවසීය. ශ්‍රී ලාංකේය උණුසුම් හා ආගන්තුක සත්කාරයන් සමඟ නවීන තාක්ෂණයෙන් යුත් ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් සුවිශේෂී ගුවන් ගමනක අත්දැකීම ලබා දීම සඳහා අඛණ්ඩව  කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    සිත් ඇදගන්නා සහ සුවපහසු Allosky හෙඩ්සෙට් සහ බ්ලූටූත් හෙඩ්සෙට් මඟින්  සෙරන්ඩිබ් ශාලාවේ සිටින අමුත්තන්ට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද Crazy Rich Asians ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ ද ස්පිල්බර්ගේ Ready Player One HD තාක්ෂණය ඔස්සේ නැරඹිය හැක.  එපමණක් නොව උපැස් යුවලක් පළඳින මගීන් හට හෙඩ්සෙට් උපාංගයට සරල වෙනස්කම් සිදුකිරීම මගින් මෙම සේවාව අත්විඳීමට හැකියාව ඇත.

    තරුණ සංචාරකයින් සඳහා Ferdinand (3D), හැරි පෝටර් සහ The Lego Batman (3D)  වැනි චිත්‍රපට Skykids හෙඩ්සෙට් සමඟින් නැරඹීමට හැකියාව ඇති අතර මෙය භාවිත කිරීම අතිශයින්ම පහසු වන අතර, උපැස් යුවළ පලඳින මගීන්ටද මෙම හෙඩ්සෙට් උපාංගය භාවිත කළ හැක.

    මේ පිළිබඳව අදහස් දැක්වූ SkyLights  හි ප්‍රධාන විධායක නිලධාරී David Dicko මෙසේ පැවසීය. “මෙම අවකාශය තුළ මගී විනෝදාස්වාද ඉතා කුඩා වුවත් මෙම නවතම පද්ධතිය පාරිභෝගිකයින්ගේ ගිමන් හලෙහි ප්‍රධානතම අංගයක් වෙනවා. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමඟ එකතු වීමත් සමඟ ආසියා-පැසිෆික් කලාපයේ අපගේ පළමු යෙදැවුම මෙය බවට පත්වෙනවා. අපි එක්ව නව ප්‍රමිතියක් සකස් කර ගැනීමත් සමඟ  ගුවන් යානයට යෑමට පෙර පාරිභෝගිකයින්ගේ නව අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා ” යැයිද ඒ මහතා සඳහන් කළේය.