ශ්‍රීලංකන් එයාර්ලයින්ස් Travel Fest – පිරිමැසුම් පන්තිය සඳහා 25%ක් සහ ව්‍යාපාරික පන්තිය සඳහා  40%ක විශේෂ දීමනාවක්

    October, 9, 2019

    ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට සිය මාර්ග ජාලය පුරා පියාසැරීමට විශේෂ දීමනාවක් ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන්  ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා  ව්‍යාපාරික  පන්තිය සඳහා 40% ක් සහ පිරිපැසුම් පන්තිය සඳහා  25% ක දීමනාවක් ලබා දීමට කටයුතු යොදා තිබේ.

     

    මෙම දීමනාව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය වන www.srilankan.com මගින් පමණක් ඔක්තෝබර් මස 7 සිට ඔක්තෝබර් මස 11 දක්වා ලබා ගත හැකිය. ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගන්නා පාරිභෝගිකයින්ට 2019 නොවැම්බර් මස 01 සිට නොවැම්බර් මස 30 අතර කාලය තුළ  ඕනෑම වේලාවක ලොව පුරා සංචාරය කිරීමේ අවස්ථාව උදා වනු ඇත.

     

    මෙම විශ්මය ජනක දීමනාව  ශ්‍රීලංකන් ගුවන් සේවයේ සෘජු මාර්ග ජාලයට අයත්  ගුවන් ගමන් සඳහා වලංගු වන අතර එනම් දකුණු ආසියාව, ඈත පෙරදිග, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල්  22 ක ගමනාන්ත 37 ක්  එයට ඇතුලත් වේ.   ඊට අමතරව මෙම පහසුකම අත්විඳින සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයේ නවීන ගුවන් යානා සමඟ ගමන් කළ හැකි අතර එහි ව්‍යාපාරික පන්තියේ සුවපහසු නිදන ආසන සහ ලෝකයේ උසස්ම සේවාව ඇතුළු නවීන තාක්ෂණයෙන් යුත් විනෝදාස්වාදය ලබා ගැනීමේ පහසුකම හිමිවනු ඇත.

     

    ගනුදෙනුකරුවන්ට උපකාර කිරීම සඳහා පැය 24 පුරා www.srilankan.com වෙබ් අඩිවිය  ක්‍රියාත්මක වන  අතර එමගින් ගුවන් ප්‍රවේශ පත් වෙන්කරවා ගන්නා ගනුදෙනුකරුවන් සඳහා සුවිශේෂී ගාස්තු, ඇතුළු තවත් ප්‍රතිලාභ ගණනාවක් හිමි කර ගැනීමට අවස්ථාව පවතී.

     

    ශ්‍රීලංකන්  ගුවන් සමාගම  වත්මන්හි  රටවල්  48 ගමනාන්ත  111 ක්  වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි.  වන්වර්ල්ඩ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමන්නාත 1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට  හිමිවේ. එසේම  ශ්‍රීලංකන්  ගුවන් සමාගම ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards )   ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන  ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. ශ්‍රීලංකන්  ගුවන් සමාගම  ආසියා සහ ඕස්ට්‍රේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී (World Travel Awards Asia and Australasia ) ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන  ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ද සම්මානයට පාත්‍ර වී තිබේ. එසේම ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ  (Airline Passenger Experience Association)  සම්මාන උළෙලේ දී   ‘හොඳම අලෙවිකරණ නවෝත්පාදන’(Best Marketing Innovation’ )  සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පිදුම් ලැබීය.