ශ්‍රීලංකන් එයාර්ලයින්ස් තොරතුරු තාක්ෂණ කණ්ඩායම අභ්‍යන්තර නවෝත්පාදන සඳහා ජාතික සම්මාන දෙකක් දිනා ගනී

    November, 13, 2019

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ කාර්ය මණ්ඩලය සතුව ඇති දක්ෂතාව හා නව්‍යකරණය වෙනුවෙන් 2019 ඔක්තෝබර් මස 11 වන දින පවත්වන ලද ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ දී (National ICT Awards – NBQSA 2019) අභ්‍යන්තර නවෝත්පාදනය වෙනුවෙන් ලෝකඩ හා කුසලතා සම්මානයක් හිමිවිය. ජාතික හොඳම තත්ත්ව මෘදුකාංග සම්මාන (NBQSA) යටතේ ලෝකඩ පදක්කම හිමිවූයේ ශ්‍රීලංකන් අභ්‍යන්තර සංවර්ධිත යෙදුම වන ‘iFleet’ සඳහා වන අතර කුසලතා සම්මානය ශ්‍රීලංකන් කාර්ය මණ්ඩල සංචාරක යෙදුම වන “Charika” සඳහා ය.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවිධාන 120 ක් නවීන තොරතුරු තාක්ෂණ නිෂ්පාදන 250 කට වැඩි ප්‍රමාණයක් තරඟය සඳහා ඉදිරිපත් කළ අතර ඒ අතරින් ජාතික ගුවන් සේවය තෝරාපත්කර ගැනීම විශේෂ අවස්ථාවකි.ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල යනු බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ (BCS) ශ්‍රී ලංකා අංශය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික උත්සවයකි. එමඟින් ශ්‍රී ලංකාවේ හොඳම සංවිධාන ගෝලීය තොරතුරු තාක්ෂණ වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ ජාතියේ හැකියාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශිෂ්ටතම ගුණාත්මක මෘදුකාංග නිෂ්පාදන හඳුනා ගැනීම සහ මහජනතාවට ඔවුන්ගේ දායකත්වය හඳුනා ගැනීම උදෙසා අවස්ථාව ලබා දී තිබේ.

    ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ගරු අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ එක්සත් රාජධානියේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ BCS හි සභාපති මයිකල් ග්‍රාන්ට් යන මහත්වරුන් කොළඹ ගලදාරි හෝටලයේ දී පැවති මෙම NBQSA 2019 උත්සවය සඳහා සහභාගී වූහ.

    ලෝකඩ සම්මානලාභී යෙදුම වන “iFleet” ශ්‍රීලංකන් සියලු ගුවන් මෙහෙයුම් දත්ත අංශක 360 ක පුළුල් තනි මෙහෙයුම් කවුළුවක ගෙන ඒම සඳහා මෙහෙයුම් පද්ධති සමඟ ඒකාබද්ධ වී ඇත. මෙම යෙදුම කාර්ය මණ්ඩලය සඳහා ලබා ගත හැකි අතර එය ගුවන් මෙහෙයුම් මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය (AOCC) සහ කාර්ය මණ්ඩලය විසින් කාලීන පියාසැරි තත්ත්වය, මගී බරප්‍ර මාණ , කාර්ය මණ්ඩල තොරතුරු සහ ගුවන් යානා නඩත්තු කාලසටහන් මෙන්ම ගුවන් යානා භාවිතය පිළිබඳ තොරතුරු සපයයි.

    කාර්යමණ්ඩලය සඳහා ස්වයං සේවා ප්‍රවේශපත්‍ර ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රීලංකන් කාර්ය මණ්ඩල ටිකට් පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීය ඩිජිටල් සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා වූ යෙදුම වූ “Charika” සඳහා මෙම කුසලතා සම්මානය හිමි විය. එමගින් ආසන ලබා ගැනීමේ හැකියාව සහ ගෙවීම් විකල්පයන් ලබා දීමෙන් එම ක්‍රියාවලිය සරල කරන ලද අතර එමඟින් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ගමන නියම කිරීමට, ගෙවීම් කිරීමට සහ විද්‍යුත් ක්‍රියාදාමය කිසිදු අයෙකුගේ මැදිහත්වීමකින් තොරව ක්ෂණිකව සිදු කර ගත හැකිවේ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ තොරතුරු තාක්ෂණ අංශය 2010 දී අභ්‍යන්තරව සංවර්ධනය කරන ලද ‘ඉන්ධන කළමනාකරණ තොරතුරු පද්ධතිය’ සහ 2017 වසරේ දී ‘Book Now Pay Later’ සඳහා NBQSA කුසලතා සම්මාන හිමිකරගෙන තිබේ. අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සිදුකරමින් ශ්‍රීලංකන් තොරතුරු තාක්ෂණ කණ්ඩායම ගෝලීය ප්‍රවණතා සපුරාලීම සඳහා වඩා හොඳ නිෂ්පාදන නිර්මාණය කිරීමටත්, ඉහළ කාර්යක්‍ෂමතාවයක් ලබා දීම සඳහා පවත්නා ක්‍රියාවලීන් විශාල වශයෙන් වැඩි දියුණු කිරීමටත්, ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයේ ප්‍රමුඛයා වීමට හැකිවන ලෙස කටයුතු කරමින් සිටියි.

    ශ්‍රීලංකන් තොරතුරු තාක්ෂණ අංශය ISO / IEC 20000-1: 2011 තොරතුරු තාක්ෂණ සේවා කළමනාකරණ පද්ධති ප්‍රමිතිය සඳහා සහතික කර ඇත. තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති සඳහා ISO 27001: 2013 සහ ISO 9001 ලබා ඇති අතර මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවේ තත්ත්ව කළමනාකරණය සඳහා ISO 9001: 2018 සහතිකයද හිමිකරගෙන තිබේ.