ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ඩොලර් මිලියන 175ක බැඳුම්කරය ප්‍රතිව්‍යූහගතකරණයට ණයහිමියෝ එකඟවෙති

    March, 19, 2026

    ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නිකුත් කර තිබෙන ඩොලර් මිලියන 175ක වටිනාකමකින් යුතු ඩොලර් බැඳුම්කරය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එම ණයහිමියන්ගෙන් 98%ක් දෙනා එකඟ වී ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා,

    “ණය ප්‍රතිව්‍යූගතකරණය කිරීම අපිට ඉතාමත්ම අවශ්‍ය වුණා, මේ ස්ථාවරත්වයෙන් ඔබ්බට ගෙනියන්න. ස්වෛරී බැඳුම්කරවල නිසි පරිදි ප්‍රතිව්‍යූහගතකරණයක් අපි කළා. ඒහි ප්‍රතිඵලයක් විදියට ණය ශ්‍රේණිගත කිරීම්වල අපිව යටටම දාලා තිබිච්ච එක අපිට පුළුවන් වුණා 2025 වසරේ දී CCC+ කියන මට්ටමට උඩට ගෙනෙන්න. ඒ්ත් යම් බාධකයක් පැනනගිලා තිබුණා, ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් නිකුත් කරලා මහභාණ්ඩාගාරය විසින් ඇප නිකුත් කරලා තිබුණු ඩොලර් මිලියන 175ක බැඳුම්කරය අපිට ප්‍රතිව්‍යූහගතකරණය කරගන්න අපහසුවෙලා තිබුණා. මොකද ඒක වෙනමම ප්‍රතිව්‍යූහගතකරණය කළේ. අද මම සංතෝෂයෙන් කියන්න කැමතියි. මුදල් අමාත්‍යාංශයත් ශ්‍රීලංකන් ගුවන් සමාගමත් අතර මේ ඒකතාවය මත මේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට ඒ ණයහිමියන් ඒකතාවය ප්‍රකාශ කරලා ති‌යෙනවා. සමස්ත වටිනාකමෙන් 99%ක්ම ඔවුන්ගේ එකඟතාවය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ණය සැපයුම්කරුවන්ගෙන් 98%ක් ඒ එකඟතාවය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ පුවත්පත් නිවේදනය අද ඉදිරිපත් කරන්න නියමිතයි.“