ශ්‍රීලංකන් කොළඹ සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් වැඩිකරයි

    August, 30, 2018

    සතියකට ආසන 2400 වැඩි  ප්‍රමාණයක් ලබාදෙමින් දෛනිකව  ගුවන් ගමන් වාර 3ක් 

     

    ශ්‍රීලංකන්  ගුවන් සමාගම   කොළඹ  සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් ධාරිතාව සුවි‍ශේෂී ලෙස වැඩිකිරීමට කටයුතු  කර ඇත.  අති  නවීන  අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක් ඇතුළු සුවපහසු ආසන වලින්  සමන්විත  පුළුල් බද සහිත  A330 ගුවන් යානා මෙම ගුවන් ගමන් සදහා  යොදා ගනිමින් රසවත් ආහාර පාන ලබාදෙමින්  පාරිභෝගිකයන්‍ට උසස් මට්ටමේ තෘප්තිමත්  සේවාවක්  සැපයීමට ගුවන් සමාගම  මෙමගින් කටයුතු  කර ඇත.

    මේ අනුව  2018 ඔක්තෝබර්  මස 29 වැනිදා සිට  සතියකට මෙහෙයුම් කළ ගුවන් ගමන් වාර 17 සිට ගුවන් ගමන් වාර 21 දක්වා වැඩිකරමින්  කොළඹ සහ සිංගප්පූරුව අතර  ගුවන් ගමන්  සිදුකිරීමට නියමිත වේ. මෙම ගුවන් ගමන් අතුරින් ගුවන් ගමන්  7ක්  සදහා   A 330-200 ගුවන් යානා ද  අනෙකුත්  ගුවන් ගමන් 14 සදහා   A 320/ A 321 Neo ගුවන්  යානා ද  මෙහෙයුම්  සදහා යොදාගනු ලැබේ.

    මෙම ගුවන් ගමන් මාර්ගය විවිධ වර්ගයේ  සංචාරකයන් වන  විවේකය සදහා සංචාරය කරන්නන් , ව්‍යාපාරික සංචාරකයන්,   MICE කණ්ඩායම්, සිසුන් සහ හිතමිතුරන් සහ පවුලේ සාමාජිකයන් හමුවීම් සදහා සංචාරය කරන්නන් අතර ඉතා  ජනප්‍රිය වේ. ශ්‍රීලංකන් ගුවන්මගීන්ට වඩාත් සුවපහසු සහ නම්‍යශීලී සේවාවක් මෙම දෛනික  ගුවන් ගමන් වාර 3 තුළින්  හිමිවනු ඇත. ශ්‍රීලංකන්  ගුවන් සමාගම  වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා  සන්ධානයේ සාමාජික ගුවන්  සේවයක් වන කොන්ටාස් හරහා  ඕස්ට්‍රේලියාවේ  මූලික  නගර වන සිඩ්නි,මෙල්බර්න්,බ්‍රිස්බේන්,පර්ත් වෙත යාමට  සිංගප්පූරුවේ චැංගි  ගුවන් තොටුපළේ සිට සංකේත හුවමාරු ගුවන් ගමන් සබදතා මගින් සංචාරය කිරීමට ගුවන් මගීන්ට පහසුකම් ලබාදේ. මෙම ගුවන් ගමන් මාර්ගය  ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් දෛනික මෙල්බර්න් සහ කොළඹ අතර සිදුකරන නොනවත්වා ගුවන් ගමන් වලට අමතරව ලබාදෙන සේවාවකි.

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates