ශ්‍රීලංකන් ගැන උනන්දු අයට ජාත්‍යන්තර අත්දැකීම් නැහැ – ඇමති කබීර් හෂීම්

    January, 20, 2017

    ශ්‍රීලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම අනුව ඊට උනන්දුව දක්වන ලද සමාගම් 9 ක් අතුරින් මේ වන විට සමාගම් 3 ක් අවසාන වටයට තෝරාගෙන ඇති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. අද දින අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. කෙසේ වෙතත් තෝරා ගන්නා ලද සමාගම් තුන අතුරින් එකදු සමාගමකට හෝ ජාත්‍යන්තර ගුවන්සේවයක් නඩත්තු කිරීමේ අත්දැකීම් නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    අදාළ සමාගමට දෙනු ලබන හිමිකමේ ප්‍රතිශතය කෙසේ වෙතත් මෙම ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම යටතේ රජය බලාපොරොත්තු වන්නේ හිමිකම් ආයෝජනයක් සිදුකරන සහකරුවෙකු (EQUITY PARTNER) බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    ශ්‍රීලංකන් ගුවන්සේවය සඳහා මේ වන විට උනන්දුව පළ කර ඇති සමාගම් අතුරින් අවසාන තේරීම් ත්‍රිත්වයට පැමිණ ඇති සමාගම් වනුයේ Peace Air (Private) Limited, ඇමරිකානු සමාගමක් වන TPG සහ Super Group Partners නම් මාලදිවයිනේ සමාගමකි.