ශ්‍රීලංකන් ගුවන් සේවයට ද්විත්ව ශූරතා

    February, 16, 2024

    පසුගිය දා නිමාවට පත් වූ 10 වැනි සංචාරක වෙළෙඳ සේවා පිරිමි සහ කාන්තා කැරම් ශූරතාවලියේදී ශ්‍රීලංකන් ගුවන් සේවය ද්විත්ව ජයග්‍රහණයක් හිමිකර ගත්තේය.

    පිරිමි ශූරතාව ශ්‍රීලංකන් ගුවන් සේවයේ “A” කණ්ඩායමට හිමි වූ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයේ “B” කණ්ඩායමට අනුශූරතාව හිමිවිය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ “A” කණ්ඩායම නියෝජනය කළ G.S.N සේනාධීර සම්මාන දිනාගත්තේය.

    තරගාවලියේ කාන්තා ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ “C” කණ්ඩායම සමත්විය.