August, 31, 2018
ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය, අගෝස්තු මස 30 වන දින සිට දකුණු ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපල වෙත නැවත සිය සේවාවන් ආරම්භ කරන ලදී. කොචින් නගරයට බලපෑ ගංවතුර ආපදා තත්ත්වය මත එම ගුවන් තොටුපළ පසුගිය අගෝස්තු මස 15 වන දින සිට වසා දැමීමට කොචින් ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගන්නා ලදී.
ඒ අනුව කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අගෝස්තු මස 29 වන දින නැවත විවෘත කළ අතර පළමු ගුවන් මෙහෙයුම් සේවා දේශීය ගුවන් සේවාවන් සිදු කල අතර ඉන් ටික දිනකට පසු ජාත්‍යන්තර ගුවන් සේවාවන් සඳහා විවෘත කරන ලදී. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පළමු ගුවන් යානය ඊයේ (30) පැය 0747 ට පිටත්ව යන ලදී.
ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් මගීන්ට මුහුණපෑමට සිදුවූ අපහසුතාවයන් අවම කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම කඩිනම් පියවර රැසක් ගන්නා ලදී. එනම් කොචින් සිට කොළඹට පැමිණීමට ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා ගත් ගුවන් මගීන්ට ශ්‍රීලංකන් මෙහෙයුම් සිදුකරන ට්‍රිවෙන්ඩ්‍රම් හරහා හෝ දකුණු ඉන්දියාවේ වෙනත් ඕනෑම ගමනාන්තයක් හරහා තම ගුවන් සංචාරය, කිසිදු අමතර අයකිරීමක් නොමැතිව සිදුකිරීමට අවස්ථාව සලසා දෙන ලදී. ඊට අමතරව, කොළඹ සිට කොචින් දක්වා පියාසර කිරීමට නියමිත තිබූ මගීන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය මෙහෙයුම් සිදු කරන දකුණු ඉන්දියාවේ ට්‍රිවෙන්ඩ්‍රම් හෝ වෙනත් ඕනෑම ගමනාන්තයක් වෙත පියාසර කිරීමට පහසුකම සලසා දෙන ලදී. ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉන්දියාවේ ට්‍රිවෙන්ඩ්‍රම් සහ කොළඹ අතර අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා තාවකාලිකව ගුවන් ධාරිතාව වැඩි කිරීමටද කටයුතු යොදන ලදී.
කේරල ප්‍රාන්තයේ ජනතාව මුහුණදීමට සිදුවූ මෙම හදිසි ආපදා තත්ත්වය පිළිබඳව ගුවන් සමාගම බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියි.
Video Story