ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන් හා එක්ව අලුත් අවුරුද්ද සමරයි

    April, 16, 2024

    ශ්‍රීලංකන් ගුවන් සේවය සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) සෙරන්ඩිබ් විවේකාගාරයේදී ගුවන් මගීන් වෙනුවෙන් සම්ප්‍රදායික 'කැවිලි' මේසයක් සූදානම් කළේය. කිරිබත් ,මුං කැවුම්, කොකිස්, දොදොල්, ආස්මි, අලුවා, උඳුවැල්, කැවුම් සහ අතිරස වැනි ලාංකේය කැවිලිවලින් මෙම අලුත් අවුරුදු කෑම මේසය හැඩ ගැන්විනි.

    සම්ප්‍රදායට අනුකූලව, 'කැවිලි' මේසය මල් සහ බුලත් කොළ වලින් අලංකාර ලෙස සරසා තිබුනේ, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ විචිත්‍රවත් අත්දැකීම රසවිඳීමට සැමට හෘදයාංගමව ආරාධනය කරමිනි.