ශ්‍රීලංකන් ගුවන් සේවය BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලිය බලගන්වයි 

    May, 9, 2024

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වුණු 7 වැනි BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය පසුගියදා අතිසාර්ථක ලෙස අවසන් විය. මෙම තරගාවලිය පාපැදිකරුවන්ට විවිධ අභියෝග, දුෂ්කරතා සහ කාලගුණ තත්ත්වයන් මධ්‍යයේ ලොව සුප්‍රකට පාපැදි තරග මාවත්වල ධාවනයේ යෙදීමට අවස්ථාව සලසා දෙන සුවිශේෂී තරගාවලියකි.

    ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන ආවරණය කරමින් ක්‍රීඩකයන්ට සුවිශේෂී අත්දැකීමක් හිමි වන පරිදි BikingMan Ultracycling තරගාවලිය සැලසුම් කර තිබිණි. තරගාවලියේ නිල ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය තරගකරුවන්ට සහ සංවිධායකවරුන්ට සුවපහසු සංචාරයකට අවස්ථාව සලසා දුන් අතර, සමාජ මාධ්‍ය, යුරෝපීය ක්‍රීඩා නාලිකා සහ BikingMan ජාලය ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරවීමටද කටයුතු කළේ ය.

    මෙම තරගයේදී තරගකරුවෝ 50 දෙනෙකුට වැඩි පිරිසක් දින 5 ක කාලයක් තුළ සම්පූර්ණයෙන්ම ස්වශක්තියෙන් කිලෝමීටර් 200 ක දුරක් ආවරණය කළහ. ශ්‍රී ලංකාවේ සුන්දර හා දුෂ්කර ප්‍රදේශ රාශියක් හරහා ඔවුන් පාපැදි ධාවනය කළ අතර, එය ඔවුන්ගේ ශක්තිය හා ධෛර්යය උරගා බැලූ සුවිශේෂී අභියෝගයක් විය.

    “ශ්‍රී ලාංකිකයන්ගේ සත්කාරකත්වය, රටේ සුන්දර පරිසරය, තරගයේ උද්වේගකර බව; මේ සියල්ල අපට සුවිශේෂී අත්දැකීමක් වුණා. මේ තරගය මට කිසි දිනක අමතක වන්නේ නැහැ.” ප්‍රංශයේ සිට පැමිණි Alain Broglia පැවසී ය.

    “මෙය මා සහභාගී වූ BikingMan තරග අතරින් දුෂ්කරම තරගයයි. ආහාරපාන, උෂ්ණත්වය සහ ගමන් මාර්ගය සම්බන්ධයෙන් අනපේක්ෂිත අභියෝග රැසකට  මුහුණ දීමට අපට සිදු වුණා. එය දුෂ්කර වගේම කිසි දිනක අමතක නොවන අත්දැකීමක්.” ප්‍රංශයේ Franck Vergely පැවසී ය.

    “එය අපට හරිම අපූරු අත්දැකීමක් වුණා. හිරු නැගෙන සහ හිරු බසින අවස්ථාවල සුන්දරත්වය වචනයෙන් විස්තර කරන්නට බැහැ.” එක්සත් රාජධානියේ සිට පැමිණි Ceri සහ James Bickenel පැවසූහ.

    ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. මෙවැනි පසුබිමක් තුළ, ලොව ප්‍රධාන පෙළේ තරග සහ උත්සව සමග අත්වැල් බැඳගනිමින්, ශ්‍රී ලංකා යනු සිතේ සැහැල්ලුවෙන් යුතුව නිවාඩුවක් ගතකිරීමට මෙන්ම ත්‍රාසජනක ක්‍රියාකාරකම්වල යෙදෙමින් විනෝද වීමට සුදුසුම රටක් බව ලොවට පෙන්වා දීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය කැප වී කටයුතු කරමින් සිටී. දැනටමත් විවිධාකාර වූ වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, උරුමය, ඉතිහාසය හා ස්වභාව සෞන්දර්ය ලෝකයේ අවධානයට යොමුකරවීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වී ඇත.

    පානදුර ප්‍රදේශයේ තරගයේ අවසන් කඩඉමට ළඟා වීම

    BikingMan Ultracycling World 2024  තරගාවලිය තරගකරුවන්ට අමතක නොවන අත්දැකීමක් බවට පත්කිරීමට උපකාරී වූ දර්ශනීය මාවත්

    BikingMan Ultracycling World 2024  තරගාවලිය තරගකරුවන්ට අමතක නොවන අත්දැකීමක් බවට පත්කිරීමට උපකාරී වූ දර්ශනීය මාවත්

    සීගිරියේ ප්‍රථම පරීක්ෂණ ස්ථානයට ළඟා වීම

    පාපැදිකරුවන් හලාවත මුන්නේස්වරම් කෝවිල පසුකරමින්

    පාපැදිකරුවන් මීගමුව සහ හලාවත අතර කොටසේ ධාවනයේ යෙදෙමින්

    තරගයේ ජයග්‍රාහක Guillaume De Spoelberch (වමේ) සහ දෙවැනි ස්ථානය හිමිකරගත් Laurianne Placais (දකුණේ)

     

    ඡායාරූපය : පාපැදිකරුවන් මීගමුවේදී තරගය ආරම්භ කළ ස්ථානයට රැස් වී සිටි අයුරු