ශ්‍රීලංකන් ගුවන් සේවය MICE සංචාරකයින් 200 ක් චෙන්නායි සිට කොළඹට රැගෙන එයි

    June, 24, 2019

    ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ උත්සාහයක් ලෙස චෙන්නායි සිට සංචාරකයින් 200 ක් කොළඹට රැගෙන එමින්  MICE (Meetings Incentives Conventions and Exhibitions)  ප්‍රවර්ධන ක්‍රියාකාරකමක්  පසුගියදා සංවිධානය කළේය.

    ශ්‍රී ලංකාව සංචාරය කිරීමට ආරක්ෂිත ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා  චෙන්නායි හි සිට මෙම සංචාරකයින් පිරිස ශ්‍රී ලංකාවට පැමිණියේ ය. දිවයිනට පැමිණි මෙම  පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය හරසරින්  පිළිගනු ලැබීය. අනතුරුව මෙම සංචාරක කණ්ඩායම ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ රාත්‍රි දෙකක් Weligama bay  සහ Marriott resorts and Spa හෝටල් හි ගත කළහ.

    ඡායාරූප - MICE කණ්ඩායම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී පිළිගත් අයුරු