ශ්‍රීලංකන් ගොඩගන්න පුළුවන් හැරීට විතරයි – ධම්මික

    January, 16, 2019

    දිගින් දිගටම පාඩු ලබමින් තිබෙන ශ්‍රීලංකන් ගුවන් සේවය ගොඩගැනීමට නම් කළ යුතු එකම දේ හැරී ජයවර්ධන මහතා එහි සභාපතිධූරයට පත්කිරීම බව ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. පසුගිය (14) දා දෙරණ 360 සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    මෙහිදී ශ්‍රීලංකන් ගුවන්සේවය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ධම්මික පෙරේර මහතා මෙසේ පැවසීය.

    “ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වගේ ගොඩගන්න Expert එක්කෙනයි ඉන්නේ. ඒ හැරී ජයවර්ධන. එයා ඉන්න කාලේ, මේක ඔය වගේ පාඩු ලැබුවේ නැහැ. හැබැයි එයාට සභාපතිකම නොදී වෙන වෙන එක එක්කෙනාට සභාපතිකම් දීගෙන යනවා.“

    “හැරී ජයවර්ධන මහත්මයාට ඕකේ සභාපතිකම දුන්නා නම්, මම හිතනවා අඩුම ගාණේ අවුරුද්දක් දෙකක් යන කොට පාඩු නොලබන තත්ත්වයට ගෙනෙයි.“

    “ඉතිං එයාට නොදී වෙන අයට දීලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද?“

    “මම එතුමාත් එක්ක කතා කරලා තියෙනවා. මේකේ පාඩුව නැති කරන්න පුළුවන් කියලා, ඔහුට දැඩි විශ්වාසයක් තිබෙනවා.“

    “ප්ලේන් එකට පයිලට් කෙනෙක් ඕනේ නම්, පයිලට් ගන්නවා මිසක්, බස් එකක් එලවන එක්කෙනෙකුට ප්ලේන් එකක් දුන්නාම වෙන දේ තමයි වෙලා තියෙන්නේ.“