ශ්‍රීලංකන් ජනපති කොමිසමේ බලතල ඉහළට

    December, 19, 2018

    සී/ස ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ්‍රීලංකන් කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා (පුද්ගලික) සමාගම සම්බන්ධයෙන් සිදු කරන ලදැයි කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය හා පරීක්ෂණය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති කාර්යය භාරය ඵලදායීව ඉටු කිරීම සඳහා කොමිෂන් සභාව වෙත අතිරේක බලතල අවශ්‍ය බවට කොමිෂන් සභාව විසින් ඉල්ලීමක් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ගේ අණ පරිදි අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, කොමිෂන් සභාව වෙත තවදුරටත් බලතල පවරා දීමක් සිදුකරනු ලබන බවට එහි සඳහන් වේ.

    අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.