ශ්‍රීලංකන් හවුලකට සූදානම්

    April, 26, 2016

    ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම ලාභදායී ව්‍යාපාරයක් ලෙස පවත්වා ගෙන යාම අරමුණින් හවුල් ව්‍යාපාරයක් සඳහා යොමු වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මේ සඳහා රජය විසින් ව්‍යාපාරික හවුල්කරුවකු හෝ ආයෝජකයෙකු බලාපොරොත්තුවෙන් පසුවන බව අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    අද දින අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.