ශ්‍රී ලංකන් චීනයේ චොංකින් වෙත පියාඹයි

    May, 9, 2014

    චීනය  සමග ඇති ගුවන් ගමන් සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකන් ජූලි මස 01 වෙනිදා සිට චොංකින් වෙත මෙහෙයුම් සිදුකරන අතර එය නැවත පැමිණීමේදී බැංකොක් හරහා කොළඹට ලඟාවීමට සැලසුම් කර තිබේ.

    චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම (Chongqing Huapont International Travel Service Co. Ltd.) හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම නව ගිවිසුම සඳහා අත්සන් කිරීම අද කොළඹ දී සිදුකරන ලදී.

    මේ වනවිට, ශ්‍රී ලංකන් චීනයේ බීජිං, ශැන්හයි, කැන්ටන් සහ හොංකොං යන ගමනාන්ත සඳහා සතියකදී ගුවන් ගමන් 15 ක් සිදුකරන අතර මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමඟ නිරිත දිග චීනයට ශ්‍රී ලංකන් ගුවන් යානා පියාසර කිරීමද සිදුවේ.