ශ්‍රී ලංකන් හා ඕමාන් එයාර් අතර නව ගිවිසුමක්

    February, 28, 2014

    ගුවන් සමාගම් දෙකේම මගීන්ට වඩාත් පහසුකම් හා සහන ලැබෙන අයුරින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ඕමාන් එයාර් ගුවන් සමාගම සංකේත හුවමාරු ගිවිසුමක් (code share agreement) අත්සන් කර තිබේ.

    2014 ජනවාරි 23 වෙනිදා සිට ක්‍රියාත්මක වන මෙම ගිවිසුමට අනුව ඕමාන් ගුවන් සමාගමේ මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මස්කට් සිට සිංගප්පූරුවටත් මාලදිවයිනටත්, කොළඹ හරහා  චීනයටත් යාමට පහසුකම් සැලසෙනු ඇත. එසේම, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාරිභෝගිකයින්ට ඕමාන් එයාර් ගුවන් යානා මගින් කොළඹ සිට ස්විට්සර්ලන්තයේ සූරිච් වෙත මස්කට් හරහා  ගමන් කිරීමේ පහසුකම් ලැබේ .

    මෙම ගමනාන්ත වලට ගමන් කිරීමේදී ඕමාන් එයාර් එයාර්බස් A330 සහ බෝයිං B737 යන ගුවන් යානා, යොදා ගන්නා අතර ශ්‍රී ලංකන් එයාර්බස් A320 ,A330 සහ A340 ගුවන් යානා මාලදිවයින සහ සිංගප්පූරුව යන ගමනාන්ත සඳහා භාවිතා කරයි.