May, 24, 2017
ශ්‍රී ලංකාව හා සම තත්ත්වයේ පැවති අනෙකුත් රටවල් විසින් සිය රටවල ආයෝජනයන් ඉහළ මට්ටමකට ගෙන ඒම පිණිස ආයෝජන පරිසරයට අදාළව සිදු කරන ලද විවිධ ප්‍රතිසංස්කරණ සැලකිල්ලට ගෙන, මෙරටට ආයෝජන ගලා ඒම ඉහළ නැංවීම සඳහා වන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
එමඟින් ආයෝජනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වන බව රජයේ විශ්වාසයයි.
ඒ සඳහා විවිධ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන අතර සම්බන්ධීකරණය හා සහයෝගිතාව පිළිබඳව පවතින ගැටලු නිරාකරණය කිරීම පිණිසත්, විස්තරාත්මක ක්‍රියාකාරී සැලසුම් සහිතව අදාළ කාර්යයන් සඳහා වගකීම සහ නායකත්වය පැවරෙන අන්දමට යෝග්‍ය ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදිත් යෝග්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
ඒ අනුව, මෙම කාර්යය සඳහාම කැප වූ කණ්ඩායමක් සහිත ලේකම් කාර්යාලයක් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය තුළ ස්ථාපිත කිරීමටත්, අදාළ ආයතන අතර සම්බන්ධීකරණ ඇති කිරීම පිණිස තාක්ෂණික කාර්යසාධක බලකායන් 10ක් ස්ථාපිත කිරීමටත්, යෝජිත නීතිමය ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Video Story