ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්‍ෂේත්‍රයේ Startup වර්ධනය හා ඉඩප්‍රස්ථා අන්තර්ජාතික ඇගයුමට ලක්වේ

    June, 29, 2020

    ශ්‍රී ලංකාවේ  තාක්ෂණ  අංශයේ  නව ව්‍යවසයයකත්ව (Startup) වර්ධනය හා ඉඩප්‍රස්ථා The 2020 Global Startup Ecosystem Report (GSER) වාර්තාවේ ඉහල ඇගයූමට ලක්ව තිබේ. ලෝකයේ ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ආශ්‍රිත  නගර 250ක්  මුල්කරගනිමින්  මෙම විමර්ශනය සිසුකර ඇත. ශ්‍රී ලංකාවේ තාක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව ප්‍රවේශයන්ගේ වර්ධනයට මුලික හේතුව නව ව්‍යවසායන් සඳහා වූ රජයේ සහයෝගය  හා කුසලතා පුර්ණ මානව සම්පතේ ඇති උද්යෝගය බව පෙන්වාදී  තිබේ. මේ අනුව මෙම අංශයේ විදේශ ආයෝජකන් ඒ සදහා පොලඹවනසුලු වාතාවරණයක්  දැන් ගොඩනැගී ඇති බව මෙමගින් තහවුරු කර ඇත.

    Startup Genome යනු  තාක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව ප්‍රවේශයන් සදහා අනුබලදෙන පුළුල් විමර්ශන සිදුකරන අන්තර්ජාතික පර්යේෂණ ආයතනයකි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට නව තාක්ෂණ  ව්‍යවසායකකන් සදහා අවශ්‍ය තොරතුරු සම්පාදනය, දනුවත්කිරිම් හා අන්තර්ජාතික සබදතා පවත්වාගැනීමට අවශ්‍ය දැනුම ලබාදේ.

    මෙම පසුබිම මත මෙරට නව තාක්ෂණ  ව්‍යවසායකයන්ගේ ප්‍රවේශයේ සාමුහික වර්ධනය සදහා වූ වටිනාකම්  සිව්ගුණයකින් වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ජයන්ත සිල්වා මහතා පෙන්වා දේ. එය රුපියල් බිලියන 5.4 සිට 21.8 දක්වා වන වර්ධනයකි. මේ අනුව අපේ ඉංජිනේරුමය හැකියාව ඉතා ඉහල  මට්ටමේ අවධානයට යොමුවෙමින්  දැවැන්තයකු  සේ නැගී සිටීමට හැකිවී තිබේ. කෝවිඩ්  19 ලෝක තත්ත්වය හමුවේ යම් කඩාවැටීමක් සිදුව ඇතත් මෙම ව්‍යයාපාර වෙත පිවිසීමට මෙයට වඩාත් හොද පරිසරයක් ඇතිකර තිබෙන බව ඔහු තවදුරටත් පෙන්ව දේ.

    කොවිඩ් 19 අර්බුදය හමුවේ පවා මෙරට ආයෝජකයන් තාක්ෂණ ක්ෂේත්‍රයේ නව ප්‍රවේශයන්ට උපකාර කිරීමට කැපවී සිටී. පසුගිය දශකය තුල කලාපිය  ප්‍රාග්ධන ආයෝජන සමාගම් විදෙශිය ආයෝජකයන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට මෙරට  ආයෝජකයන්ගේ එකතුවක් වූ ලංකා එන්ජල් ජාලය (The Lankan Angel Network) සැලකියුතු දායකත්වයක් ලබාදී ඇති  බව ශ්‍රී ලංකා එන්ජල් ජාලයේ සභාපති මනෝ සේකරාම් මහතා කියා සිටී. ශ්‍රී ලංකාවේ මෙම අංශයේ වර්ධනයට සහායවීම සදහා ප්‍රථම වරට එන්ජල් පදනමක් පිහිටුවීමටද බලාපොරොත්තු වන ඔහු තවදුරටත් ප්‍රකාශකරනු ලබයි. 

    මෙම වාර්තාව පෙන්වාදෙන ආකාරයට ශ්‍රී ලංකාවේ විද්‍යුත් වානිජ්‍ය හා ඒ ආශ්‍රිත  මුල්‍ය  කටයුතු පිළිබඳව ද  අපේක්ෂා එම අංශයට පිවිසීම දිරිගන්වනසුලුය. විද්‍යුත් වානිජ්‍ය හා ඒ ආශ්‍රිත  සේවා හා අලෙවිය ඩොලර් මිලියන 40 සිට 400 දක්වා වර්ධනයකිරිම 2022 ඉලක්කය වී තිබේ. ඒ සදහා ශ්‍රී ලංකා මහා බැංකුව හදුන්වා දුන් නව නීති අනුබලයක් වනු ඇති  බව ද එමගින් පෙන්වාදේ.

    මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ප්‍රතිපත්ති සම්පාදකයන් හා සමාජයේ වගකිවයුතු කොටස් ඒ සඳහා තම උනන්දුව දෙගුණ කළයුතු බව Startup Genome සමාරම්භක හා ප්‍රධාන විධායක JF Gauthier මහතා පැවසිය. ඒ සදහා තම ආයතනය මේ වසරේ වැඩි අවධානයක් යොමුකරමින් පවතින තත්වයෙන් ඉදිරියට යාමට අවශ්‍යය උපදේශනසේවා ලබාදීමට කැපවී සිටින බව ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා විවිධ ආකාරයෙන් පවතී. ඒවා ජාතික ආර්ථිකයට ඵලදායක ලෙස යෝදා ගැනීමට උනන්දු විය යුතු බව ප්‍රකාශ කරන සින්ටෙක් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හෙමින්ද ජයවීර මහතා පෙන්වා දෙන්නේ, අපි අපේ වටිනා අමුද්‍රව්‍ය කෙරෙහිද අවදානය යොමුකර අපේ ඉහල විශේෂඥ දැනුම ඒ සදහා යොදවා වඩාත් වැඩි ආර්ථික වටිනාකමක් ඊට එක් කිරීමට උනන්දු විය යුතු බවයි.